පොහොට්ටුවට බලය හිමි අලව්ව ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවන වරටත් පරාදයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි අලව්ව ප්‍රාදේශීය සභාවේ අයවැය අද (03) දෙවන වරටත් පරාජයට පත් වුණා.

ප්‍රාදේශීය සභාවෙි සභාපතිනී පද්මා කුමාරී වෑත්තෑව විසින් සභාවේ 2023 වසර සදහා වන අයවැය ලේඛනය ඉදිරිපත් කරනු ලැබුවා.

අනතුරුව සිදුකළ ඡන්ද විමසීමේ දී අයවැයට පක්ෂව ඡන්ද 09ක් සහ විරුද්ධව ඡන්ද 17ක් හිමි වූ අතර, ඒ අනුව වැඩි ඡන්ද 08 කින් එය පරාජයට පත් වුණා.

අය වැය ලේඛනය පළමුවර කියවීමෙන් අනතුරුව වැඩි ඡන්ද 09 කින් එය පරාජයට පත් වුණේ පසුගිය ඔක්තෝම්බර් මස 11 වනදායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?