මහ කන්නයේ වගා කටයුතු සඳහා තෙල් බවුසර් 10,909ක අවශ්‍යතාවක්

මහ කන්නයේ වගා කටයුතු සඳහා ඩීසල් ලීටර් මිලියන 72ක් අවශ්‍ය බව කෘෂිකර්ම අමාත්‍යාංශ පවසනවා.

කෘෂිකර්ම ලේකම් රෝහණ පුෂ්පකුමාර සඳහන් කළේ වී වගාවේ බිම් සකස් කිරීම හා අස්වනු නෙලීමෙි කටයුතු සඳහා මෙම ඉන්ධන ප්‍රමාණය අවශ්‍ය බවට ඇස්තමේන්තු කර ඇති බවයි.

එය ඉන්ධන බවුසර් 10,909ක ප්‍රමාණයක් බවයි ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

බිම් සැකසීමට ඉන්ධන ලීටර් මිලියන 40ක් සහ අස්වනු නෙලීමට ඉන්ධන ලීටර් මිලියන 32ක් මෙලෙස අවශ්‍යව ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා සහ නිලධාරීන් අතර අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී ලේකම්වරයා පෙන්වා දුන්නේ.

මේ අතර ගොවිතැනට අවශ්‍ය ඉන්ධන ලබාදීමේ කටයුතු අධීක්ෂණය සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට පවරා තිබෙනවා.

එමෙන්ම කිසියම් ප්‍රදේශයක වගාවට අවශ්‍ය ඉන්ධන ගැටළුවක් පැන නැඟුනහොත් අදාළ දිස්ත්‍රික් ලේකම්වරයා හමු වී ගැටළුව විසඳා ගැනීමට හැකියාව ඇති අතර, ඛනිජ තෙල් සංස්ථාව මෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය ද මෙම කටයුතු සම්බන්ධීකරණය සඳහා වෙනම නිලධාරියෙක් බැඟින් පසු ගියදා පත්කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාග බස්තමත් අරගෙන යන එකට ජනපති හිනාවෙවී ගහපු හින්ට් එක - හෙට මොන පි#ස්සුවක් නටයිද දන්නේ නෑ ?
08:01
Video thumbnail
Kingsbury හෝටලයට සරත් වීරසේකරගෙන් එන්තරවාසියක් - හෝටලයේ CCTV දර්ශන විකෘති කරලා
03:23
Video thumbnail
රටේ ආර්ථිකය ගැන ජනපති වේදිකාවේ උජාරුවෙන් කිව්ව කතාව - අලුතෙන් බදු ගහලා නෑ - තිබ්බ ඒවත් අඩු කළා
11:32
Video thumbnail
තරුණියකගේ දුරකථයක් ඉස්සූ සොරාට ගම්මු එකතුවෙලා ගුටි පූජාවක් දෙයි
01:24
Video thumbnail
කැමරා ප්‍රදර්ශනයක් බලන්න ගිය සජිත්ව හතර වටින්ම වට කරගෙන කට්ටිය සෙල්ෆි ගහයි
02:51
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව
00:00
Video thumbnail
ජාතික විද්වත් සංවිධානයේ වේදිකාවට ජනපති අනුර ගැම්මට ආපු හැටි - මිනිස්සු නැගිටලා ප්‍රීති ඝෝෂා නගයි
01:28
Video thumbnail
ලෝකයේ අර්බුදයක් තියෙනවා කියලා අපිට අමතකවෙලා - සමස්ත බර බදු මුදල්වලින් දරාගෙන ඉන්නේ
02:49
Video thumbnail
උඩුවර නව කොළනිය ගල් පෙරලීමේ අවදානමක්..තවත් ගල් ගැලවෙන්න පුළුවන් ?
00:51
Video thumbnail
"පුතේ ජීවිතේ කෙටි පාරවල් නෑ.."අගමැතිනිය ළමයි ඉදිරියේ කිව්ව සුපිරි කතාව
03:24