මෙම වසරේ අවසාන පූර්ණ චන්ද්‍රග්‍රහණය ලබන 08 වනදා දිස්වෙයි

එළැඹෙන 08 වනදාට යෙදෙන පුර පසළොස්වක පොහොය දිනයේ දී පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරක විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා.

මෙම චන්ද්‍රග්‍රහණය ආසියාව, ඕස්ට්‍රේලියාව, ඇමරිකාව සහ යුරෝපයේ කොටසකට දර්ශනය වන බවයි ඔහු සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙම චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට දිස්වනුයේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස බවයි මහාචාර්ය චන්දන ජයරත්න වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම චන්ද්‍රග්‍රහණය මෙරට සම්මත වේලාවෙන් පස්වරු 1.32ට ආරම්භ වී ග්‍රහණ උපරිමය පස්වරු 4.29ටත් ග්‍රහණ අවසානය රාත්‍රී 7.26ටත් සිදුවන බවයි නිර්ණය කර ඇත්තේ.

නැගෙනහිර ක්ෂිතිජයෙන් පස්වරු 5.48ට චන්ද්‍රයා උදාවීමත් සමඟ මෙරට වැසියන්ට මෙම සිදුවීමේ අවසාන කොටස පමණක් අර්ධ ග්‍රහණයක් ලෙස දැකගත හැකි වනවා.

පියෙවි ඇසට පෙනෙන අර්ධ චන්ද්‍රග්‍රහණ අවධිය පස්වරු 6.19ට අවසන්වන බව ද මහාචාර්ය චන්දන ජයරත්න සඳහන්කර සිටියා.

මෙම වසරේ දැකගත හැකි අවසාන පූර්ණ චන්ද්‍රග්‍රහණය මෙය වන අතර, එය පූර්ණ බීවර් රුධිර චන්ද්‍රග්‍රහණය ලෙස හඳුන්වනු ලබනවා.

පූර්ණ චන්ද්‍රග්‍රහණයක් නැවතත් ලෝකවාසීන්ට දිස්වනුයේ 2025 වසරේ මාර්තු 14 වන දිනයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
31
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත නැතිවුණේ නිසි නායකත්වයක් නොතිබුණු නිසා
05:10
Video thumbnail
නියම සිංහල නායකයෙක් මේකේ පාලකයා වෙන්න ඕනි - එක මිටට දීලා හොඳටම කරගෙන තියෙන්නේ
07:46
Video thumbnail
"හාමුදුරුවරු නැගිට්ටොත් උඹලට යන්න තැන් නැතිවෙයි" - දේශපාලකයන්ට කට උත්තර නැති කළ සද්ධාතිස්ස හිමි
14:35
Video thumbnail
ගොවියා ඇවිත් ජනපති මන්දිරය වටකරන දවස වැඩි ඈතක නෑ - ගොවියා තමයි ඔයාලව විනාශ කරන්නේ
08:06
Video thumbnail
සජබ මන්ත්‍රීවරයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට - නිවසේ සිටියදී කොටුවෙලා
00:45
Video thumbnail
සැරයන් උපාලි කඹුරුපිටියම හඩවා නික්ම ගිය මොහොත - "අනේ අම්මේ නැගිටින්න කියන්නකෝ"
02:38
Video thumbnail
ජල ව්‍යාපෘතිය විවෘත කරන්න ආවේ රෙදි ඇඳගෙනද ?මෙයාලටත් ගෝඨාභයට වෙච්ච දේ වෙන්නේ
11:07
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ආශිර්වාද ලැබුණු මොහොත - හිනාවක් දාගෙන ලොකු කතාවක්
01:18
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ලැබුණු ආශිර්වාදය
00:59
Video thumbnail
අපේ රටට එල්නිනෝ එකක් එන්නේ නෑ ? - ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියලා එල්නිනෝ එකට දාන්න බෑ
08:26