සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සාමාජිකයින් පත්කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති සහ කොමසාරිස්වරුන් පත්කර තිබෙනවා.

එම කොමිසමේ සභාපති ලෙස පත්කර ඇත්තේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හෙක්ටර් මාපා යි.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රදාස නානායක්කාර, ජනාධිපති නීතීඥ විවේකානන්දන් පුවිතරන් සහ ජේ.ඩබ්ලිව්.එස් සිරිවර්ධන යන අය එම කොමිසමේ සෙසු සාමාජිකයින් වනවා.

ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ (31) නිකුත් කෙරුණා.