තිළිණි ප්‍රියමාලිගේ සිද්ධියට සේමිණී ඉද්දමල්ගොඩ සී.අයි.ඩීයට

බරපතළ මූල්‍ය වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලිගේ සිද්ධියට අදාළව ජනප්‍රිය නිළි සේමිණී ඉද්දමල්ගොඩගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ඇයට කළ දැනුම්දීමකට අනුව, පොලිස් නිලධාරියෙකු ලෙස කටයුතු කරන සිය ස්වාමි පුරුෂයා සමඟ ඇය එහි පැමිණ සිටියා.

ඒ, අනුව එම දෙපාර්තමේන්තුව විසින් පැය 04කට ආසන්න කාලයක් ඇයගෙන් මෙලෙස ප්‍රකශ සටහන් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

තිළිණි ප්‍රියමාලි සමඟ නිළියගේ තිබූ සමීප සබඳතාවන්, තිළිණි ඇයට ලබාදී තිබූ මුදල් ප්‍රමාණය සහ හඬපට සම්බන්ධයෙන් මෙහිදී සේමිණී ඉද්දමල්ගොඩගෙන් ප්‍රශ්නකර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?