උතුවන්කන්දේ බස් අනතුරෙන් කාන්තාවක් ජීවිතක්ෂයට (ඡායාරූප)

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල, උතුවන්කන්ද ප්‍රදේශයේ දී බස් රථ දෙකක් ගැටී අද (25) දහවල් සිදුවූ අනතුරෙන් කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.

මෙම අනතුරෙන් 38 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි පොලිසිය අද (25) පස්වරුවේ තහවුරු කළේ.

එලෙස තුවාල ලබා රෝහල්ගත කළ පිරිස අතර සිටි කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂය පත්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මියගිය කාන්තාවගේ අනන්‍යතාව මෙතක් තහවුරු වී නොමැති අතර, අනතුර සම්බන්ධයෙන් බස්රථ දෙකේම රියදුරන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාවනැල්ල සිට කුරුණෑගල දෙසට ධාවනය වූ ලංගම බස් රථයක්, මගීන් නංවා ගැනීම සඳහා නවතා තිබූ තවත් බස්රථයකට ඉස්සර කිරීමට යාමේදී කෑගල්ල සිට නුවර දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරෙන් තුවාල ලැබූවන් ඇතුළත් කරනු ලැබුවේ මාවනැල්ල රෝහලටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46