ප්‍රේමය ප්‍රතික්ෂේප කළ තරුණියකට සහ පවුලේ 11 දෙනෙකුට තරුණයෙකුගෙන් පොලු ප්‍රහාරයක්

තරුණයෙකු විසින් පිහියකින් යකඩ පොල්ලකින් පහර දී තරුණියකට සහ ඇයගේ පවුලේ සාමාජිකයින් 11 දෙනෙකුට බරපතළ තුවාල සිදුකළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ගුන්තූර් ප්‍රදේශයේ මෙම සිදුවීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ තරුණයා එම තරුණියට ප්‍රේම කරන බවට ඇයගේ පවුලේ සාමාජිකයින්ට දන්වා තිබෙනවා.

කෙසේ වෙතත් ඔවුන් විසින් තරුණයාගේ යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති අතර, ඊට කෝපයට පත්ව අදාළ තරුණයා විසින් මෙම පහරදීම සිදුකර ඇති බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.

තරුණයාගේ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූවන් 11 දෙනා ප්‍රතිකාර සඳහා නරසරෝපෙට් රජයේ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ප්‍රහාරයේ බරපතළ තත්ත්වයේ පසුවූ තරුණිය සහ තවත් අයෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුන්තූර් මහ රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?