කාසියේ වාසිය අයර්ලන්තයට

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ තුන්වන තරගය ශ්‍රී ලංකා සහ අයර්ලන්තය අතර අද (23) පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසිය වාසිය හිමිකරගත් අයර්ලන්ත නායකයා තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

හෝබාර්ට්හි බෙලරිව් ඕවල් ක්‍රීඩාංගනයේ දී මෙම තරගය පැවැත්වෙනවා.

ශ්‍රී ලංකව සුපිරි 12 වටයේ මුහුණ දෙන පළමු තරගය මෙයයි.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන්වරට සහභාගී වූ විස්සයි විස්ස තරග පහෙන් තරග හතරක් ජයග්‍රහණය කර ඇති අතර, අයර්ලන්තය සහභාගී වූ අවසන් විස්සයි විස්ස තරග පහෙන් තරග තුනක් ජයග්‍රහණය කර තිබෙනවා. අද තරගය වෙනුවෙන් අශේන් බණ්ඩාර ශ්‍රී ලංකා පිළට කැඳවා ඇති අතර, ඒ ආබාධයකට ලක් වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක වෙනුවටයි.

අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම

කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, අශේන් බණ්ඩාර, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක), වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, බිනුර ප්‍රනාන්දු, ළහිරු කුමාර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?