ඕස්ට්‍රේලියානුවන්ට අමතක නොවන පරාජයක්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ පළමු ජය වාර්තා කරන්නට නවසීලන්ත කණ්ඩායම අද (23) සමත් වුණා.

ඒ, පසුගියවර ශූරයින් වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 89කින් පරාජය කරමින්.

සුපිරි 12 වටයේ පළමු තරගයේ කාසිය වාසිය දිනූ ඕස්ටේලියානු නයකයා සිඩ්නි පිටියේ පළමුව පන්දුවට පහරදීමට නවසීලන්තයට ආරාධනා කළා.

කාසියේ වාසිය අවාසියක් බවට පත් කරමින් ඕස්ටේලියානු නයකයා ගත් තීරණයට ප්‍රබල ප්‍රතිචාරයක් දක්වන්නට නවසීලන්ත පිතිකරණ ලැයිස්තුව කටයුතු කළේ ඕස්ට්‍ර්ලියානු පන්දු යවන්නන්ට දැවැන්ත ප්‍රහාරයක් දියත් කරමින්.

මෙහිදී ආරම්භක පිතිකරු ෆින් ඇලන් වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 16ක් තුළ වේගවත් ලකුණු 42ක් රැස් කිරීමට සමත් වුණා.

ඔහුට නොදැවෙනි ඉනිමක් දියත් කළ ආරම්භ පිතිකරු ඩෙවොන් කොන්වේ නවසීලන්ත ඉනිමේ නැංගුරම බවට පත්විමින් පන්දු 58කට නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 92ක්.

ඒ අනුව අවසානයේ නවසීලන්ත ලකුණු පුවරුව සටහන් වුනේ පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 200ක් ලෙසයි.

ලකුණු 201ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු මුල්පෙළ පිතිකරුවන් සියල්ල ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගන්නට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

පන්දු යැවීමේ දී ටීම් සවුති සහ මිචෙල් සැන්ට්නර් ඕස්ට්‍රේලියානු ඉනිමේ කඩුලු 03 බැගින් දවා ගත්තා.

ඒ අනුව ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව අවසානයේ දැක්වුණේ පන්දුවාර 17යි එක් පන්දුවක් තුළ සියල්ලන් දැවී ලකුණු 111ක් ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන් ස්ථානය කියලා දාන්න වෙන්නේ මහමෝදර බන්ධනාගාරය - ගාල්ලට තව බන්ධනාගාර එපා
06:10
Video thumbnail
පුද්ගලික වගා ඉඩමකින් වනඅලි සිරුරක් හමුවෙයි
00:25
Video thumbnail
මඩුගස්තලාව කදු රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න
00:58
Video thumbnail
Van එකේ ඇවිත් බයික් එක උස්සපු හොරාට ගුටි පූජාවක්
01:16
Video thumbnail
රජයට මිනිස්සු පොල් ග#හයි
01:22
Video thumbnail
මීගමුව බන්ධනාගාරය ඇතුළේ වෙච්ච සියල්ල ජේලර් කෙනෙක් හෙළිකරයි
01:45
Video thumbnail
දුම් ගහලා දෙන්න කිව්වට දුමායනයෙන් විතරක් ඩෙංගු මර්දනය කරන්න බෑ
03:32
Video thumbnail
පුනරුත්ථාපනයෙන් පසු 47%ක් මිතුරු ඇසුර, ප්‍රේම සබඳතා නිසා 4%ක් ‍යළි මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා
07:29
Video thumbnail
"රජයට අමතකවීමේ ලෙඩේ හොඳවේවා" කියලා මිනිස්සු පොල් ග#හයි - අද කියන දේ හෙට අමතකයි
02:54
Video thumbnail
විපක්ෂයේ අනුරනම් මේ වෙනකොට අමුඩය ගහගෙන පාරේ - බියර් හදනවා කිව්ව දේට කට උත්තර නැතිවෙන්න කියයි
03:42