ආබාධයන්ට ලක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහ වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන්ගේ යෝග්‍යතාව ඇගයීමෙන් පසු හෙට තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙනවා.
ඔවුන් දෙදෙනාගේ ආබාධ තත්ත්වයන් මේ වනවිට යහපත් අතට හැරෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
මේ අතර පැතුම් නිස්සංක අද (22) පෙරවරුවේ ශ්‍රී ලංකා පිළ සහභාගී වූ පෙර පුහුණුවීම් සඳහා ද එක්ව සිටි බවයි ඕස්ට්‍රේලියාවෙන් තොරතුරු වාර්තා වුණේ.
සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය හෙට (23) දිනයේ අයර්ලන්තය සමඟ පැවැත් වීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
9




