පාන් මිල අඩුකරන විදිය ගැන බේකරි හිමියන් කියයි

තිරිඟු පිටි ආනයනය කරනු ලබන ප්‍රධාන සමාගම් දෙක විසින් තිරිඟු පිටි මිල පහත දමන තුරු පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමේ හැකියාවක් නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.

එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන ප්‍රකාශ කළේ ආනයනික තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල පහත දැමුව ද පාන් ගෙඩියක මිල අඩු කිරීමට හැකියාවක් නැති බවයි.

පිටකොටුව තොග වෙළදපොළේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් රුපියල් 25 කින් මිල අඩු කිරීමට පෙරේදා කටයුතු කළා.

ඒ, අනුව ආනයනික තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල මේ වනවිට දැක්වෙන්නේ රුපියල් 265ක් ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?