මීටියාගොඩ පොලිස් වසමේ ලෙව්දූව, කරත්තදූව අතුරු මාර්ගයේ වෙල් යායක් අසළ තිබී අභිරහස් ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
පොලිසිය විසින් අද (21) උදෑසන සොයාගෙන ඇත්තේ මීටියාගොඩ, මැටිවල ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 33ක පුද්ගලයෙකුගේ මළ සිරුරක් බවයි වාර්තා වන්නේ.
පොලිසිය සඳහන් කළේ මෙම මරණය සම්බන්ධයෙන් සැක සහිත කරුණු කාරණා කිහිපයක් මේ වන විටත් අනාවරණය වී ඇති බවයි.
පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා දේහය බලපිටිය මූලික රෝහලට යොමුකර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




