භික්ෂුවක් ලෙස වෙස්වළාගෙන දිවි ගෙවූ චීන කතක් ඉන්දීය ආරක්ෂක අංශ අත්අඩංගුවට

නේපාල භික්ෂුවක් ලෙස වෙස්වළාගෙන ඉන්දියාවේ දිල්ලි නගරයේ ජීවත් වූ චීන කාන්තාවක් ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය ආරක්ෂක අංශ සැකපළ කරන්නේ මැය චීන ඔත්තුකාරියක් විය හැකි බවටයි.

උතුරු දිල්ලිහි ටිබෙට් සරණාගත ජනාවාසයක දී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇයගේ හැඳුනුම්පතේ නේපාලයේ කත්මණ්ඩු අගනුවර ලිපිනයක් සඳහන් බවයි ඉන්දීය ආරක්ෂක පැවසුවේ.

එහි ඇයගේ නම ඩොල්මා ලාමා ලෙස සඳහන්ව ඇති ඇති අතර, ඇයගේ සැබෑ නම ‘කායි රූඕ’ බවට පසුව අනාවරණය කරගෙන තිබෙනවා.

ඇය සාම්ප්‍රදායික තද රතු පැහැති සිවුරකින් සැරසී කෙටිව කොණ්ඩය ද කපා බෞද්ධ භික්ෂුවකගේ වෙස්ගෙන දිවිගෙවා ඇති බව සඳහන්.

පොලිස් ප්‍රශ්න කිරීම්වලදී ඇය පවසා ඇත්තේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ඇතැම් නායකයින්ට තමන්ව ඝාතනය කිරීමට අවශ්‍ය වූ බවත්, ඒ හේතුවෙන් මෙලෙස වෙස්වළාගෙන ජීවත් වූ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46