භික්ෂුවක් ලෙස වෙස්වළාගෙන දිවි ගෙවූ චීන කතක් ඉන්දීය ආරක්ෂක අංශ අත්අඩංගුවට

නේපාල භික්ෂුවක් ලෙස වෙස්වළාගෙන ඉන්දියාවේ දිල්ලි නගරයේ ජීවත් වූ චීන කාන්තාවක් ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය ආරක්ෂක අංශ සැකපළ කරන්නේ මැය චීන ඔත්තුකාරියක් විය හැකි බවටයි.

උතුරු දිල්ලිහි ටිබෙට් සරණාගත ජනාවාසයක දී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇයගේ හැඳුනුම්පතේ නේපාලයේ කත්මණ්ඩු අගනුවර ලිපිනයක් සඳහන් බවයි ඉන්දීය ආරක්ෂක පැවසුවේ.

එහි ඇයගේ නම ඩොල්මා ලාමා ලෙස සඳහන්ව ඇති ඇති අතර, ඇයගේ සැබෑ නම ‘කායි රූඕ’ බවට පසුව අනාවරණය කරගෙන තිබෙනවා.

ඇය සාම්ප්‍රදායික තද රතු පැහැති සිවුරකින් සැරසී කෙටිව කොණ්ඩය ද කපා බෞද්ධ භික්ෂුවකගේ වෙස්ගෙන දිවිගෙවා ඇති බව සඳහන්.

පොලිස් ප්‍රශ්න කිරීම්වලදී ඇය පවසා ඇත්තේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ඇතැම් නායකයින්ට තමන්ව ඝාතනය කිරීමට අවශ්‍ය වූ බවත්, ඒ හේතුවෙන් මෙලෙස වෙස්වළාගෙන ජීවත් වූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?