ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන තවත් තීරණාත්මක තරගයක් අද

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ වටයේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන අවසන් තරගය අද (20) නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

තරගය අද ආරම්භ වන්නේ මෙරට වේලාවෙන් පෙරවරු 9.30ටයි.

ලෝක කුසලාන තරගවලියේ සුපිරි 12 වටයට සුදුකම් ලැබීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයත් ජය ලබා ගත යුතු වනවා.

ඒ, ශ්‍රී ලංකාව මුහුණ දුන් සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගය නැමීබියාවට පරාජය වීම හේතුවෙන්.

මේ අතර අද තරගය සඳහා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර හා මැදපෙල පිතිකරු ධනුෂ්ක ගුණතිලක ආබාධවලට ලක්වීම හේතුවෙන් සංචිතයෙන් ඉවත් කර ඇති බව ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේය.

ඔවුන් වෙනුවට කසුන් රාජිත හා අශේන් බණ්ඩාර සංචිතයට නම් කර ඇති අතර, ඒ සදහා අයි.සී.සී තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග පළමු වටය යටතේ පැවැති තරගයේ දී පන්දු යවමින් සිටියදී යි දුෂ්මන්ත චමීරගේ වම් පාදයේ ආබාධයක් සිදුවිය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු - පොහොට්ටු ප්‍රබලයින් රැසක්ම ඇවිත්
00:52
Video thumbnail
බුද්ධශාසන සභාව හදිසියේම රැස්වෙයි - 2027 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවත් ලබාදෙයි
02:47
Video thumbnail
යහපාලන කාලේ ශානි අපිත් එක්ක වැඩ කළා - මේ ආණ්ඩුව හොර වැඩ කරන්නෙත් එළිපිට
09:00
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05