ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන තවත් තීරණාත්මක තරගයක් අද

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ වටයේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන අවසන් තරගය අද (20) නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

තරගය අද ආරම්භ වන්නේ මෙරට වේලාවෙන් පෙරවරු 9.30ටයි.

ලෝක කුසලාන තරගවලියේ සුපිරි 12 වටයට සුදුකම් ලැබීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයත් ජය ලබා ගත යුතු වනවා.

ඒ, ශ්‍රී ලංකාව මුහුණ දුන් සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගය නැමීබියාවට පරාජය වීම හේතුවෙන්.

මේ අතර අද තරගය සඳහා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර හා මැදපෙල පිතිකරු ධනුෂ්ක ගුණතිලක ආබාධවලට ලක්වීම හේතුවෙන් සංචිතයෙන් ඉවත් කර ඇති බව ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේය.

ඔවුන් වෙනුවට කසුන් රාජිත හා අශේන් බණ්ඩාර සංචිතයට නම් කර ඇති අතර, ඒ සදහා අයි.සී.සී තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග පළමු වටය යටතේ පැවැති තරගයේ දී පන්දු යවමින් සිටියදී යි දුෂ්මන්ත චමීරගේ වම් පාදයේ ආබාධයක් සිදුවිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?