ශ්‍රී ලංකාවෙන් නව මදුරු විශේෂයක් හඳුනාගැනේ

ශ්‍රී ලංකාවෙන් නව මදුරු විශේෂයක් හඳුනා ගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීටවිද්‍යා කණ්ඩායම සමත්ව තිබෙනවා.

Culex(lephoceraomyia) cinctellus කියුලෙක්ස් සින්ටෙලස් නැමති මෙම මදුරු විශේෂය ශ්‍රී ලංකාවේ මීරිගම සහ කළුතර යන ප්‍රදේශවලින් දැනට වාර්තා වී ඇති බව සඳහන්.

එමෙන්ම මෙම විශේෂය ලෝකයේ තායිලන්තය සහ ඉන්දියාව වැනි රටවලින් ද වාර්තා වී තිබෙනවා.

මෙම මදුරු විශේෂය රෝග වාහකයෙක් ද නැද්ද යන සම්බන්ධයෙන් තවමත් පර්යේෂණ මට්ටමේ පවතින අතර ලෝකය තුළ ද රෝග වාහකයකු වශයෙන් වාර්තා වී නොමැති බවයි වාර්තා වන්නේ.

සෞඛ්‍ය කීට විද්‍යා නිළධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක දිස්නක දිසානායක සඳහන් කළේ මෑත කාලය තුළ නව මදුරු විශේෂ 03ක් සෞඛ්‍ය කීටවිද්‍යා නිළධාරින් විසින් සොයාගැනීමට සමත් වූ බවයි.

තවත් මදුරු විශේෂ 04ක් ශ්‍රී ලංකාව තුළ තහවුරු කරගනිමින් ජානමය පර්යේෂණ සදහා නියදි යවා ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර එම කණ්ඩායම විසින්ම මෑතකදී culex ගණයට අයත් cx.sp near infula කියුලෙක්ස් නියඉන්ෆියුලා නැමති මදුරු විශේෂය ද සොයාගැනීමට සමත්ව තිබෙනවා.

එම මදුරුවා ඉන්දියාව තුළ මොළේ මැලේරියාව රෝගය බෝ කරන culex infula යන මදුරු විශේෂයට ඉතාමත් සමාන මදුරු විශේෂයක් වන අතර, ශ්‍රී ලංකාව තුළ වාහකයෙක් ද නැත්ද යන සම්බන්ධව තවමත් පර්යේෂණ මට්ටමේ පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරින් ඉන්නේ තරහෙන් වෙන්න පුළුවන් - පිට කරන්න ඕනි අඬලා..නැතුව වෛරයකින් නෙවෙයි
03:13
Video thumbnail
බන්ධනාගාර‍යේ ධාරිතාවය රජයටවත් දරාගන්න බෑ - ධාරිතාවය අඩු කරන්න හිටපු බන්ධනාගාර කොමසාරිස්ගෙන් විසඳුම්
06:06
Video thumbnail
මොන අම්මා කෙනෙක්වත් කැමති නැ තමන්ගේ ළමයා හිරේට යනවට - වේදනාව අපිට දරාගන්න බෑ
03:53
Video thumbnail
බන්ධනාගාරය ඇතුළට දුරකථන ගේන විදිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - පිටිපස්සේ පෝන් දෙක තුන ගහගෙන යන්නේ
03:49
Video thumbnail
මම තමයි කිව්වේ වෙ# තියන්න කියලා - මම ආදරයෙන් කිව්වා සිරකාරයෝ ඇහුවේ නෑ..දොරවල් කැඩුවා
09:40
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ බිහිසුණු ගැටුම පිටුපස සැඟවුණු ඇත්ත “ හිටපු බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ
01:01:09
Video thumbnail
ෂූට් කරපු නිලධාරියාට මම ප්‍රශංසා කරනවා..සිද්ධියට මුහුණ දුන්න කෙනා තමයි බර දන්නේ
03:16
Video thumbnail
මගේ නිලධාරින් ප්‍රතිප්‍රහාරයේ ශිෂ්ටත්වය හෙව්වා - එයාලා කොච්චර ඉවසුවාද ?
03:24
Video thumbnail
අපේ බන්ධනාගාර නිලධාරින් බරපතළ වැරැද්දක්..හිටපු බන්ධනාගාර කොමසාරිස්ගෙන් හෙළිදරව්වක්
02:46
Video thumbnail
හිටපු බන්ධනාගාර කොමසාරිස් සංවේදී වෙයි - එයාලගේ දෙමව්පියෝ අපි..කොහොමද මෙහෙම දෙයක් කළේ ?
02:39