ශ්‍රී ලංකාව ප්‍රතිවාදී නැමීබියාව සැහැල්ලුවට ගත්තා ද ? දසුන්ගෙන් පිළිතුරු

පන්දු යවන්නන් සහ පිතිකරුවන්ගේ දුර්වලතා හේතුවෙන් නැමීබියාව සමඟ පැවති තරගය පරාජය වීමට සිදු වූ බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසනවා.

තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා නායකයා මේ බව සඳහන් කළා.

එහිදී දසුන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ සුදුසුකම් ලැබීමේ වටයේ මුහුණ දීමට ඇති මීළඟ තරග දෙකේදී හොඳ තරගයක් ලබාදෙමින් ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තුවන බවයි.

අද තරගයේ මෙන්ම ආසියානු තරගාවලියේ දී ද එතරම් ලකුණු අතරට පැමිණීමට නොහැකි වූ ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් ද මෙහිදී ප්‍රශ්නයක් යොමු වුණා.

එහිදී දසුන් සඳහන් කර සිටියේ ධනුෂ්ක ගුණතිලකට තවත් අවස්ථාවක් දිය යුතු බවට කණ්ඩායමක් ලෙස තීරණය කළ බවත් ආසියානු කුසලානය ජයග්‍රහණය කළ කණ්ඩායම සම්බන්ධයෙන් විශ්වාසයක් පැවති බවයි.

එමෙන්ම ඉදිරියේ දී චරිත් අසලංකට කණ්ඩායම තුළට පැමිණීමට අවස්ථාවක් පවතින බව ද දසුන් සඳහන් කළා.

මේ අතර නැමීබියාව සමඟ පැවති මෙම තරගය සැහැල්ලුවට ගත්තේ ද යන්න පිළිබඳව මෙහිදී දසුන්ගෙන් විමසා සිටියා.

ජාත්‍යන්තර මට්ටමේ දී කිසිඳු කණ්ඩායමක් සැහැල්ලුවට ගැනීමක් සිදු නොකරන බවයි දසුන් මෙහිදී පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
46
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?