ශ්‍රී ලංකාව ප්‍රතිවාදී නැමීබියාව සැහැල්ලුවට ගත්තා ද ? දසුන්ගෙන් පිළිතුරු

පන්දු යවන්නන් සහ පිතිකරුවන්ගේ දුර්වලතා හේතුවෙන් නැමීබියාව සමඟ පැවති තරගය පරාජය වීමට සිදු වූ බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසනවා.

තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා නායකයා මේ බව සඳහන් කළා.

එහිදී දසුන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ සුදුසුකම් ලැබීමේ වටයේ මුහුණ දීමට ඇති මීළඟ තරග දෙකේදී හොඳ තරගයක් ලබාදෙමින් ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තුවන බවයි.

අද තරගයේ මෙන්ම ආසියානු තරගාවලියේ දී ද එතරම් ලකුණු අතරට පැමිණීමට නොහැකි වූ ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් ද මෙහිදී ප්‍රශ්නයක් යොමු වුණා.

එහිදී දසුන් සඳහන් කර සිටියේ ධනුෂ්ක ගුණතිලකට තවත් අවස්ථාවක් දිය යුතු බවට කණ්ඩායමක් ලෙස තීරණය කළ බවත් ආසියානු කුසලානය ජයග්‍රහණය කළ කණ්ඩායම සම්බන්ධයෙන් විශ්වාසයක් පැවති බවයි.

එමෙන්ම ඉදිරියේ දී චරිත් අසලංකට කණ්ඩායම තුළට පැමිණීමට අවස්ථාවක් පවතින බව ද දසුන් සඳහන් කළා.

මේ අතර නැමීබියාව සමඟ පැවති මෙම තරගය සැහැල්ලුවට ගත්තේ ද යන්න පිළිබඳව මෙහිදී දසුන්ගෙන් විමසා සිටියා.

ජාත්‍යන්තර මට්ටමේ දී කිසිඳු කණ්ඩායමක් සැහැල්ලුවට ගැනීමක් සිදු නොකරන බවයි දසුන් මෙහිදී පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
46
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරින් ඉන්නේ තරහෙන් වෙන්න පුළුවන් - පිට කරන්න ඕනි අඬලා..නැතුව වෛරයකින් නෙවෙයි
03:13
Video thumbnail
බන්ධනාගාර‍යේ ධාරිතාවය රජයටවත් දරාගන්න බෑ - ධාරිතාවය අඩු කරන්න හිටපු බන්ධනාගාර කොමසාරිස්ගෙන් විසඳුම්
06:06
Video thumbnail
මොන අම්මා කෙනෙක්වත් කැමති නැ තමන්ගේ ළමයා හිරේට යනවට - වේදනාව අපිට දරාගන්න බෑ
03:53
Video thumbnail
බන්ධනාගාරය ඇතුළට දුරකථන ගේන විදිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - පිටිපස්සේ පෝන් දෙක තුන ගහගෙන යන්නේ
03:49
Video thumbnail
මම තමයි කිව්වේ වෙ# තියන්න කියලා - මම ආදරයෙන් කිව්වා සිරකාරයෝ ඇහුවේ නෑ..දොරවල් කැඩුවා
09:40
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ බිහිසුණු ගැටුම පිටුපස සැඟවුණු ඇත්ත “ හිටපු බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ
01:01:09
Video thumbnail
ෂූට් කරපු නිලධාරියාට මම ප්‍රශංසා කරනවා..සිද්ධියට මුහුණ දුන්න කෙනා තමයි බර දන්නේ
03:16
Video thumbnail
මගේ නිලධාරින් ප්‍රතිප්‍රහාරයේ ශිෂ්ටත්වය හෙව්වා - එයාලා කොච්චර ඉවසුවාද ?
03:24
Video thumbnail
අපේ බන්ධනාගාර නිලධාරින් බරපතළ වැරැද්දක්..හිටපු බන්ධනාගාර කොමසාරිස්ගෙන් හෙළිදරව්වක්
02:46
Video thumbnail
හිටපු බන්ධනාගාර කොමසාරිස් සංවේදී වෙයි - එයාලගේ දෙමව්පියෝ අපි..කොහොමද මෙහෙම දෙයක් කළේ ?
02:39