මෛත්‍රීට එරෙහි පාස්කු නඩුව සති 10කට කල් යයි

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති පෞද්ගලික පැමිණිල්ලට අදාළ නඩු විභාගය අද (ඔක්තෝම්බර් 14) දින සිට සති 10 කට කල් තබන ලෙස අභියාචනාධිකරණය අද නියෝගයක් නිකුත් කළා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (14) දින පෙනීසිටින ලෙස දන්වා නිකුත් කළ සිතාසිය බල රහිත කරන ලෙස දන්වා ඔහු ගොනුකළ රීට් පෙත්සම සලකා බලමින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

රීට් පෙත්සම සම්බන්ධයෙන් වන විවාදය දෙසැම්බර් මස 06 වනදා ආරම්භ කිරීමටයි සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේ.

එමෙන්ම නොවැම්බර් 30 වනදා ඊට අදාළ ලිඛිත දේශන ගොනු කරන ලෙසට ද විනිසුරු අද නියෝග කළා.

කෙසේ වෙතත් හිටපු ජනධිපති මෛත්‍රීපාල සිරිසේන ඉල්ලා සිටි සිතාසි නියෝගය බල රහිත කරන නියෝගය අද දිනයේ දී අභියාචනාධිකරණය විසින් නිකුත් කළේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46