හිටපු ජනාධිපති මෛත්‍රී අභියාචනාධිකරණයට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (14) පෙරවරුවේ අභියාචනාධිකරණයට පැමිණියා.

ඒ,පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ලේ විභාගය අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් විභාගය සඳහායි.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම කැඳවීමට නියමිත අතර, අතුරු නියෝගය නිකුත් කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ නියෝගය අද (14) දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?