තේ වත්තක අතරමං වූ කොටි පැටවුන් දෙදෙනා

නොර්වුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රි තේ වත්තේ අතරමංව සිටිය දී දින දහයක් පමණ වයසැති කඳුකර කොටි පැටවුන් දෙදෙනෙක් හමු වී තිබෙනවා.

මෙම සතුන් දෙදෙනා මවගෙන් වෙන් වී අතරමංව සිටිය දී තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසක් විසින් සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පසුව කම්කරුවන් ආරක්ෂිතව කොටි පැටවුන් දෙදෙනා රඳවාගෙන ඒ පිළිබඳව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරින් වෙත දැනුම් දී තිබෙනවා.

අනතුරුව වනජිවි නිලධාරින් පැමිණ එම තේ වත්තේම කොටි පැටවුන් හමු වූ ස්ථානයට යාබදව ආරක්ෂිත ස්ථානයක සතුන් දෙදෙනා රැඳවීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

පසුව කොටිදෙන පැමිණ පැටවුන් දෙදෙනා අවස්ථා දෙකක දී රැගෙන ගිය බවයි නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46