75 වන නිදහස් දිනයට සමගාමීව අඩු ආදායම්ලාභීන්ට නිවාස 2000ක්

“එක්ව නැගිටිමු” තේමාව යටතේ 75 වන නිදහස් දිනය අභිමානවත් ලෙස සැමරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබෙනවා.

75 වන නිදහස් සැමරුම් උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (12) පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මේ අතර නිදහස් සැමරුම් උළෙලට සමගාමීව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස 2000ක ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිත බව සඳහන්.

නිදහස් සමරු උත්සවයේ සංවිධාන කමිටුව අනුකමිටු 10 කින් සමන්විත අතර, නිදහස් දින උළෙල නැරඹීම සඳහා මහජනතාවට විවෘත ආරාධනයක් සිදු කිරීමට නියමිතයි.

PMD
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?