මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කාලසටහන සංශෝධනය තාවකාලිකව නවතියි

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කාලසටහන සංශෝධනය තාවකාලික නවතියි

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කිරීම තාවකාලිකව නතර කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව මීට පෙර සඳහන් කර තිබුනේ අද (13) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කරන බවටයි.

කාර්යාල දුම්රිය ධාවනය වන වේලාවන් සංශෝ‍ධනය කිරීමට මෙහිදී තීරණය වී තිබුණා.

දැනට දුම්රිය ධාවනය වන වේලාවට මිනිත්තු 10කට පමණ පෙර අදාළ දුම්රියන් ධාවනය කිරීමටයි එහිදී සැලසුම් කර තිබුණේ.

අදාළ සංශෝධනය පිළිබඳ දුම්රිය මගීන් නිසි දැනුවත් කිරීමක් සිදුව නොමැතිවීම හේතුවෙන් එය තාවකාලිකව නතර කිරීමටයි තීරණය කර ඇත්තේ.

කෙසේ වෙතත් ඉදිරි සතිය තුළ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහනේ සිදුකරන සංශෝධනයන් පිළිබඳව නිසි දැනුවත් කිරීමකින් පසු එය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47