spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කාලසටහන සංශෝධනය තාවකාලිකව නවතියි

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කාලසටහන සංශෝධනය තාවකාලික නවතියි

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කිරීම තාවකාලිකව නතර කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව මීට පෙර සඳහන් කර තිබුනේ අද (13) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කරන බවටයි.

කාර්යාල දුම්රිය ධාවනය වන වේලාවන් සංශෝ‍ධනය කිරීමට මෙහිදී තීරණය වී තිබුණා.

දැනට දුම්රිය ධාවනය වන වේලාවට මිනිත්තු 10කට පමණ පෙර අදාළ දුම්රියන් ධාවනය කිරීමටයි එහිදී සැලසුම් කර තිබුණේ.

අදාළ සංශෝධනය පිළිබඳ දුම්රිය මගීන් නිසි දැනුවත් කිරීමක් සිදුව නොමැතිවීම හේතුවෙන් එය තාවකාලිකව නතර කිරීමටයි තීරණය කර ඇත්තේ.

කෙසේ වෙතත් ඉදිරි සතිය තුළ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහනේ සිදුකරන සංශෝධනයන් පිළිබඳව නිසි දැනුවත් කිරීමකින් පසු එය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?