බාලවයස්කාර දැරියක් කෙළෙසූ චෝදනාවට වරදකරුව සිටි ‘සාරුවා සුනිල්’ නිදොස්කොට නිදහස්

2012 වසරේ දී බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවලට වරදකරු වී බරපතල වැඩ සහිත වසර 15ක සිරදඬුවම් නියමව සිටි අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් හෙවත් ‘සාරුවා සුනිල්’ එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ, ඔහු විසින් තමාට පනවා තිබෙන සිර දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක තීන්දුව අද (11) ලබාදෙමින්.

පී.කුමාරන් රත්නම් සහ සම්පත් අබේකෝන් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවලට වරදකරු කළ කොළඹ මහාධිකරණය විසින් මොහුට 2020 වසරේ ජනවාරි මස 17 වනදා බරපතල වැඩ සහිතව වසර 15 ක සිර දඬුවමක් නියම කළා.

2012 මැයි මස 23 වැනිදාත් 2012 ජුලි මස 02 වැනිදාත් අතර කාලයේ අකුරැස් ප්‍රදේශයේ දී බාලවයස්කාර දැරියක රවටාගෙන ගොස් ඇයට අතවර කරන ලදැයි ඔහුට එරෙහිව නීතීපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46