නුවරඑළිය, කොටගල, පතන දමිළ මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ළමුන් 42 දෙනෙකු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අද (11) පෙරවරුවේ කොටගල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එම විදුහලේ 06 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන සිසුන් 13 දෙනෙකු සහ සිසුවියන් 29 දෙනෙකු ක්ලාන්තය, උණ වැනි රෝග ලක්ෂණ හේතුවෙන් මෙලෙස රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ.
රෝහල් ගත කළ සිසු සිසුවියන් කිහිපදෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, තවත් පිරිසක් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
නේවාසිකව ප්‍රතිකාර ලබන ළමුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි කොටගල ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරුන් කියා සිටියේ.
ඊයේ (10) දිනයේදී ද එම පාසලේ සිසු සිසුවියන් කිහිප දෙනෙකුට මෙම රෝග ලක්ෂණ මතු වූ බවත්, එම සිසුන්ද ඊයේ පස්වරුවේ කොටගල ප්‍රාදේශිය රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.






















