කොටගල පාසලක ළමුන් 42ක් හදිසියේම රෝහල් ගතකරයි (ඡායාරූප)

නුවරඑළිය, කොටගල, පතන දමිළ මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ළමුන් 42 දෙනෙකු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අද (11) පෙරවරුවේ කොටගල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එම විදුහලේ 06 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන සිසුන් 13 දෙනෙකු සහ සිසුවියන් 29 දෙනෙකු ක්ලාන්තය, උණ වැනි රෝග ලක්ෂණ හේතුවෙන් මෙලෙස රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ.

රෝහල් ගත කළ සිසු සිසුවියන් කිහිපදෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, තවත් පිරිසක් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

නේවාසිකව ප්‍රතිකාර ලබන ළමුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි කොටගල ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරුන් කියා සිටියේ.

ඊයේ (10) දිනයේදී ද එම පාසලේ සිසු සිසුවියන් කිහිප දෙනෙකුට මෙම රෝග ලක්ෂණ මතු වූ බවත්, එම සිසුන්ද ඊයේ පස්වරුවේ කොටගල ප්‍රාදේශිය රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

WhatsApp Image 2022 10 11 at 11.24.40 AM 1
WhatsApp Image 2022 10 11 at 11.24.40 AM
WhatsApp Image 2022 10 11 at 11.24.39 AM
WhatsApp Image 2022 10 11 at 11.24.38 AM 1
WhatsApp Image 2022 10 11 at 11.24.38 AM
WhatsApp Image 2022 10 11 at 11.24.37 AM 2
WhatsApp Image 2022 10 11 at 11.24.37 AM 1
WhatsApp Image 2022 10 11 at 11.24.37 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46