විරෝධතාකරුවන් විසුරුවාහැරීම ගැන මානව හිමිකම් කොමිසම පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලයි

පසුගිය ඉරිදා (09) කොළඹ ගාලු මුවදොර දී පැවති විරෝධතාව විසුරුවා හැරියේ කුමන පදනමක් යටතේ ද යන්න සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.

එම වාර්තාව පැය 24ක් තුළ ලබාදෙන ලෙසයි මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාට දන්වා ඇත්තේ.

පසුගිය ඉරිදා පැවති මෙම විරෝධතාව සහ සැමරුම විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළ අතර එහිදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා.

එහිදී පුද්ගලයින් හයදෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් වූ අතර, ඒ අතර සිටි පාසල් සිසුවෙක් සහ නීතීඥයෙන් පසුව මුදාහැරීමටයි කටයුතු කළේ.

පොලිස් අත්අඩංගුවේ පසු වූ අනෙක් සිව්දෙනා ඊයේ (10) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත නිදහස් කිරීමට නියෝග කළා.

මේ අතර මෙම විරෝධතාව සහ සැමරුම විසුරුවා හැරීමට පොලීසිය විසින් කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46