මධ්‍යපානෙ තියෙන ජොලියට නටපු ටීචර්ලට වැඩවරදින ලකුණු

පසුගියදා සමාජ මාධ්‍යවල සංසරණය වූ සිසුවියන් සමග ගුරුවරියන් නර්තනයක යෙදුණ ‘මේ මධ්‍යපානේ තියෙන ජොලිය ගෑනු නොදන්නේ – ඒ රසේ දන්න නිසයි පිරිමි අපට නොදෙන්නේ’ යන ගීතයට. නර්තනයේ යෙදෙන මීගමුව අධ්‍යාපන කලාපයේ කනිෂ්ඨ විදුහලක ගුරුවරියන් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

නර්තනයේ යෙදෙන්නේ පාසල් භූමියේ වන අතර එම ගුරුවරියන්ගේ හැසිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් ඒ පිළිබඳව වහාම විමර්ශනයක් පැවැත්වීමට නියෝග කළ බවත් මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් පැවැසීය.

https://youtu.be/B0mTxJKUOIU
  1. ගූරැවරියන්ගෙ ගූරැ භක්තිය තියෙනව අනිත් හැම දවසකම.මේ දිනේ විශේෂ දවසක් දරුවොත් එක්ක සතූටූවීම තමයි ප්‍රධාන ඉලක්කය . වත් පාස් නැති අධ්‍යාපන අධ්‍යක්ෂල ඉන්න ලංකාවෙ මේ ප්‍රශ්නය ලොකූවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන්න හදන්නෙත් දඩයමට ?