දස හැවිරිදි දරුවන් දෙදෙනා බිය ගන්වා කසිප්පු පෙවූ අයෙක් පොලිස් දැලේ

දස හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙකුට බලහත්කාරයෙන් කසිප්පු පෙවූ බව කියන පුද්ගලයෙක් ඔයාමඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 25 හැවිරිදි වියේ පසුවන කසිප්පු ජාවාරම්කරුවෙක් බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරු ඔයාමඩුව, දේවාලය පිටුපස පිහිටි වැව අසළදී දරුවන් දෙදෙනාට කෝටුවක් පෙන්වා තර්ජනයකර බලහත්කාරයෙන් කසිප්පු පොවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත එම ස්ථානයට ගිය පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර දරුවන් දෙදෙනා පොලිස් භාරයට ගෙන තිබෙනවා.

කසිප්පු පානය කිරිමේ හේතුවෙන් අධික ලෙස මත්වී සිටි දරුවන් දෙදෙනා ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39
Video thumbnail
නාමලුත් කෙඳිරි ගාන්නේ නෑ, මමත් කෙඳිරි ගාන්නේ නෑ
03:04
Video thumbnail
හරිනිට ව# දෙන්න ටිල්වින් සිල්වයි අනුර කුමාරයි සැලසුම් කරනවා..?
01:50
Video thumbnail
"එකෙක් සිරගත කරද්දි,100 ක් පිබිදිලා එනවා"
00:11