කොදෙව් සුපිරි පිතිකරුවාට සිව් වසරක තරග තහනමක්

බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ජෝන් කැම්බල්ට වසර හතරක තරග තහනමක් පනවා තිබෙනවා.

ජැමෙයිකානු තහනම් උත්තේජක මර්දන කොමිසම විසින් කැම්බල්ට මෙම තරග තහනම පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තහනම් උත්තේජක නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ඔහුට මෙම තරග තහනම පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරන්නේ.

පසුගිය අප්‍රේල් මාසයේදී කිංග්ස්ටන්හි පිහිටි ඔහුගේ නිවසේදී රුධිර සාම්පලයක් ලබාදීම ප්‍රතික්ෂේප කළ බවට ඔහුට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව බවයි ජැමෙයිකානු තහනම් උත්තේජක මර්දන කොමිසම පැවසුවේ.

29 හැවිරිදි වියේ පසුවන කැම්බල් බටහිර ඉන්දීය කොදෙව් පිල වෙනුවෙන් ටෙස්ට් තරග 20කට, එක්දින තරග 06කට සහ විස්සයි විස්ස තරග දෙකකට ක්‍රීඩා කර තිබෙනවා.

ඔහුගේ අවසන් ජාත්‍යන්තර තරගය පසුගිය ජුනි මාසයේදී බංග්ලාදේශයට එරෙහිව පැවති දෙවන ටෙස්ට් තරඟයයි.

මෙම සුපිරි පිතිකරුවාගේ ක්‍රීඩා දිවියේ වටිනාම වසර 04ක කාලයක් මෙලෙස තරග තහනමකට ලක්වීම ඉතා අවාසනාවන්ත සිදුවීමක් බවයි ක්‍රීඩා විචාරකයින් සඳහන් කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46