ලබන 18 වනදායින් පසු ගංගුලිගේ රාජකාරිය අවසන්

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වත්මන් සභාපතිවරයා ලෙස කටයුතු කරන සෞරව් ගංගුලි ලබන 18 වනදා එම තතුරෙන් ඉවත්වන බව වාර්තා වනවා.

ඒ, ඔහුගේ ධුර කාලය අවසන් වීම හේතුවෙන්.

කෙසේ වෙතත් 2019 ඔක්තෝම්බර් මාසයේ දී ඉන්දීය ක්‍රිකට් සභාපතිත්වයට පත් වූ ගංගුලිට මෙවර නිලවරණය සඳහා ඉදිරිපත්වීමේ අවස්ථාවක් හිමිවන්නේ නැහැ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිත්වයෙන් නික්ම යන ගංගුලි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති තනතුර සඳහා ඉන්දියාවේ නියෝජිතයා ලෙස තෝරා ගැනීමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

ගංගුලිගේ ඉවත්වීමෙන් පුරප්පාඩුවන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති තනතුර සඳහා හිටපු ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රොජර් බිනී සහ රජිව් ශුක්ලා තරගවදිනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබුණේ.

මොවුන් දෙදෙනාගෙන් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා තරඟකරුවා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිත්වයට පත්වන අතර අනෙක් තරඟකරුවා ඉන්දීය ප්‍රිමියර් ලීගයේ (IPL) සභාපති ලෙස පත්වනු ඇති.

කෙසේ වෙතත් මේ වනවිට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් සහ භාණ්ඩාගාරික ධුරයන්හි කටයුතු කරන ජේ ෂා සහ අරුන් ධුමාල් එම තනතුරුවල රඳවා ගැනීමට වැඩි අවස්ථාවක් පවතින බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලවරණය ලබන 18 වනදා මුම්බායිහි දී පැවැත්වීමට නියමිතයි.

ක්‍රිකට් ආයතනය විවිධ තනතුරු සඳහා මෙවර ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ ලැයිස්තුව ලබන 15 වනදා නිකුත් කිරීමට නියමිත බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ කාලේ මහ බැංකුවට කෙ#යා..අනුරගේ කාලයේ භාණ්ඩාගාරයට කෙ#යා..ආණ්ඩුවේ හොරු ඉන්නේ ඇතුළෙම තමයි
05:08
Video thumbnail
ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදෙස් ඇමතිවරු හමුවෙයි
02:03
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56