spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලබන 18 වනදායින් පසු ගංගුලිගේ රාජකාරිය අවසන්

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වත්මන් සභාපතිවරයා ලෙස කටයුතු කරන සෞරව් ගංගුලි ලබන 18 වනදා එම තතුරෙන් ඉවත්වන බව වාර්තා වනවා.

ඒ, ඔහුගේ ධුර කාලය අවසන් වීම හේතුවෙන්.

කෙසේ වෙතත් 2019 ඔක්තෝම්බර් මාසයේ දී ඉන්දීය ක්‍රිකට් සභාපතිත්වයට පත් වූ ගංගුලිට මෙවර නිලවරණය සඳහා ඉදිරිපත්වීමේ අවස්ථාවක් හිමිවන්නේ නැහැ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිත්වයෙන් නික්ම යන ගංගුලි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති තනතුර සඳහා ඉන්දියාවේ නියෝජිතයා ලෙස තෝරා ගැනීමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

ගංගුලිගේ ඉවත්වීමෙන් පුරප්පාඩුවන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති තනතුර සඳහා හිටපු ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රොජර් බිනී සහ රජිව් ශුක්ලා තරගවදිනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබුණේ.

මොවුන් දෙදෙනාගෙන් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා තරඟකරුවා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිත්වයට පත්වන අතර අනෙක් තරඟකරුවා ඉන්දීය ප්‍රිමියර් ලීගයේ (IPL) සභාපති ලෙස පත්වනු ඇති.

කෙසේ වෙතත් මේ වනවිට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් සහ භාණ්ඩාගාරික ධුරයන්හි කටයුතු කරන ජේ ෂා සහ අරුන් ධුමාල් එම තනතුරුවල රඳවා ගැනීමට වැඩි අවස්ථාවක් පවතින බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලවරණය ලබන 18 වනදා මුම්බායිහි දී පැවැත්වීමට නියමිතයි.

ක්‍රිකට් ආයතනය විවිධ තනතුරු සඳහා මෙවර ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ ලැයිස්තුව ලබන 15 වනදා නිකුත් කිරීමට නියමිත බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?