පාර්ලිමේන්තු සේවකයින්ගේ ගමන්මලු උදේ හවස පරීක්ෂාවට

පාර්ලිමේන්තු සේවකයින් සේවයට පැමිණෙන අවස්ථාවේ දී සහ පිටව යන අවස්ථාවේදී ඔවුන්ගේ ගමන්මලු දැඩි ලෙස පරීක්ෂා කිරීමට ආරක්ෂක නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ වේත්‍රධාරීවරයා විසින් මෙම උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තුවේ භාණ්ඩ පිටතට රැගෙන යෑමේ සිද්ධීන් වැඩිවීම සැළකිල්ලට ගෙන මෙම උපදෙස් ලබදී ඇති බව සඳහන්.

ඇතැම් සේවකයන් පාර්ලිමේන්තුවෙන් ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ පිට කිරීම හේතුවෙන් වාර්ෂිකව විශාල මුදලක් රජයට අහිමි වන බව මේ වනවිට ගණන් බලා තිබෙනවා.

පාර්ලිමේන්තු භෝජනාගාරයේ ඇති පිසූ ආහාර සහ වියළි ආහාර විශාල ප්‍රමාණයක් පාර්ලිමේන්තු සේවකයින් විසින් සොරාගෙන ගොස් ඇති බවට පසුගිය දා තොරතුරු වාර්තා වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46