පාර්ලිමේන්තු සේවකයින් සේවයට පැමිණෙන අවස්ථාවේ දී සහ පිටව යන අවස්ථාවේදී ඔවුන්ගේ ගමන්මලු දැඩි ලෙස පරීක්ෂා කිරීමට ආරක්ෂක නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ වේත්‍රධාරීවරයා විසින් මෙම උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
පාර්ලිමේන්තුවේ භාණ්ඩ පිටතට රැගෙන යෑමේ සිද්ධීන් වැඩිවීම සැළකිල්ලට ගෙන මෙම උපදෙස් ලබදී ඇති බව සඳහන්.
ඇතැම් සේවකයන් පාර්ලිමේන්තුවෙන් ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ පිට කිරීම හේතුවෙන් වාර්ෂිකව විශාල මුදලක් රජයට අහිමි වන බව මේ වනවිට ගණන් බලා තිබෙනවා.
පාර්ලිමේන්තු භෝජනාගාරයේ ඇති පිසූ ආහාර සහ වියළි ආහාර විශාල ප්‍රමාණයක් පාර්ලිමේන්තු සේවකයින් විසින් සොරාගෙන ගොස් ඇති බවට පසුගිය දා තොරතුරු වාර්තා වුණා.














THEY DON’T HAVE FOOD IN THEIR HOMES. IT’S AS SIMPLE AS THAT.HA HA.