උපකාරක පන්ති ගුරුවරයකුට බරපතල වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම වෙයි

උපකාරක පන්ති ගුරුවරයකු වන විමල් රොහාන් කෝදාගොඩ බරපතල වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කළා.

අධිකරණයට සහ අමාත්‍ය විජයදාස රාජපක්ෂට අපහාස කිරීමේ චෝදනාවට වරද පිළිගත් උපකාරක පන්ති ගුරුවරයා වසර දෙකක සිර දඬුවම් නියම කර එය වසර පහකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරන ලදී.

ඊට අමතරව රුපියල් ලක්ෂ 03 ක දඩයක් ද නියම කළ විනිසුරු මඩුල්ල එම දඩ මුදල අද සිට සති දෙකක් තුළ ගෙවා අවසන් කළ යුතු බවට නියෝග කර සිටියා. එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලබන්නේ නම් අමතරව මාස හයක ලිහිල් සිර දඬුවම් නියම කරන බවත් තීන්දුවේ සඳහන් වුණා. අදාල චෝදනාවලට වරද පිළිගැනීමෙන් අනතුරුව වග උත්තරකරුට ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනි වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා. 2019 වසරේ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් මෙම චෝදනා පත්‍රය ගොනු කර තිබුණා.අදාළ වරද සම්බන්ධයෙන් අධිකරණයෙන් හා විජයදාස රාජපක්ෂ මහතාගෙන් සමාව අයැද සිටින බවත් වගඋත්තරකරු සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දන්වා සිටියා

ඔහු වරද පිළිගෙන සමාව අයැද සිටීම නිසා අත්හිටවූ දඬුවම් පමුණුවන බවත් විනිසුරු වරයා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34