spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උපකාරක පන්ති ගුරුවරයකුට බරපතල වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම වෙයි

උපකාරක පන්ති ගුරුවරයකු වන විමල් රොහාන් කෝදාගොඩ බරපතල වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කළා.

අධිකරණයට සහ අමාත්‍ය විජයදාස රාජපක්ෂට අපහාස කිරීමේ චෝදනාවට වරද පිළිගත් උපකාරක පන්ති ගුරුවරයා වසර දෙකක සිර දඬුවම් නියම කර එය වසර පහකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරන ලදී.

ඊට අමතරව රුපියල් ලක්ෂ 03 ක දඩයක් ද නියම කළ විනිසුරු මඩුල්ල එම දඩ මුදල අද සිට සති දෙකක් තුළ ගෙවා අවසන් කළ යුතු බවට නියෝග කර සිටියා. එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලබන්නේ නම් අමතරව මාස හයක ලිහිල් සිර දඬුවම් නියම කරන බවත් තීන්දුවේ සඳහන් වුණා. අදාල චෝදනාවලට වරද පිළිගැනීමෙන් අනතුරුව වග උත්තරකරුට ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනි වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා. 2019 වසරේ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් මෙම චෝදනා පත්‍රය ගොනු කර තිබුණා.අදාළ වරද සම්බන්ධයෙන් අධිකරණයෙන් හා විජයදාස රාජපක්ෂ මහතාගෙන් සමාව අයැද සිටින බවත් වගඋත්තරකරු සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දන්වා සිටියා

ඔහු වරද පිළිගෙන සමාව අයැද සිටීම නිසා අත්හිටවූ දඬුවම් පමුණුවන බවත් විනිසුරු වරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?