මෙවර අබුඩාබි T10 තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 07ක්

අබුඩාබි ටී ටෙන් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරාගැනීම ඊයේ (26) සිදුකෙරුණා.

මෙවර තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හත්දෙනෙකු තෝරා ගැනීම ද විශේෂත්වයක්.

එහිදී කණ්ඩායම් හතරක් වෙනුවෙන් මෙම ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 07 දෙනා තෝරා ගැනුණු අතර, එලෙස තෝරා ගැනුණේ දසුන් ශානක, භානුක රාජපක්ෂ, මහීෂ් තීක්ෂණ,වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ සහ චාමික කරුණාරත්නයි.

දසුන් ශානක චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා ලෙස තෝරා ගැනුණු අතර ඔහුට අමතරව ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ සහ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ එම කණ්ඩායමට ඇතුළත්.

ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සහ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර නොදර්න් වොරියර්ස් කණ්ඩායමට ඇතුළත්.

යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ බංග්ලා ටයිගර්ස් කණ්ඩායම වෙනුවෙන් එක්කරගෙන ඇති අතර තුන්ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න මොරිස්විල් සෑම්ප් ආර්මි කණ්ඩායම වෙනුවෙන් මෙවර තරගාවලිය සඳහා එක්ව සිටිනවා.

අබුඩාබි ටී ටෙන් ලීග් ක්‍රිකට් තරගාවලියේ නොවැම්බර් මස 23 වැනිදා සිට දෙසැම්බර් 04 වැනිදා දක්වා පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

මෙවර තරගාවලිය වෙනුවෙන් එක්වන කණ්ඩායම් 08 තෝරාගත් ක්‍රීඩක ලැයිස්තුව පහතින්.

309301134 1411030112753645 268653155683953365 n

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?