හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

හම්බන්තොට පොලිස් වසමේ සිරිබෝපුර ප්‍රදේශයේදී (26) වන දින හම්බන්තොට පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 100 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ .

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 23 ක් වූ සිරිබෝපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

සැකකරු (27) වන අද දින හම්බන්තොට ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .

හම්බන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .