උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදලින් යළිත් ශිෂ්‍යත්ව

සාමාන්‍ය පෙළ විභාගය විභාගයට පළමුවරට පෙනී සිට උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මඟින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන යළි ආරම්භ කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා .

ඒ, අනුව දිවයිනේ අධ්‍යාපන කලාප කාර්යාල 99ක් අතුරින් එක් කලාප කාර්යාලයකට සුදුසුකම් ලැබූ ශිෂ්‍යත්වලාභීන් 30 තිස්දෙනෙකු බැගින් කලාප 99න් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2970 කට මේ යටතේ ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිතයි.

එලෙස තෝරාගන්නා ශිෂ්‍යත්වලාභීන්ට උසස් පෙළ විභාගයට පෙනී සිටින තෙක් මසකට රුපියල් 5,000ක් බැගින් මාස 24ක උපරිම කාලසීමාවක් සඳහා ශිෂ්‍යාධාරයක් පිරිනැමීමටයි අපේක්ෂාකර ඇත්තේ.

මෙම වර්ෂයේ (2022) සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලද පසු උසස් පෙළ අධ්‍යයන වර්ෂය ආරම්භ කිරීමෙන් අනතුරුව මෙම ශිෂ්‍යත්ව ප්‍රදානයට අයදුම්පත් කැඳවීමට නියමිතයි.

මෙම ක්‍රියාවලිය සම්බන්ධව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු සහ විදුහල්පතිවරු කඩිනමින් දැනුවත් කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16