1958න් ඇමැති මනුෂ EPF පෝලිමට තිත තියයි

සේවක අර්ථසාධක අරමුදලේ (EPF) ප්‍රතිලාභ ගැනීමට සහ සේවා යෝජක ලියාපදිංචියට දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීමට පහසුකම් සපයන 1958 කෙටි අංකය සහ appointment.labourdept.gov.lk යොමුව අද දින කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ජනගත කරන ලදි.

ඒ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ දී ය.

එහි දී අදහස් දැක්වූඅමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙසේ ද පැවැසීය.

“කම්කරු ලේකම් කාර්යාලයට වැඩිපුර ම ලැබෙන්නේ පැමිණිලි. පොඩි ෆයිල් එකක් දෙන්නත් උදේ ආවාම රෑ වෙනකල් වැඩේ කර ගන්න බෑ, පෝලිම් වල ඉන්න වෙනවා, ලොකු වෙලාවක් රස්තියාදු වෙන්න වෙනවා කියන චෝදනා තමයි වැඩි. ඒ නිසා තමයි අපේ ජනතාවට තමන්ගේ සේවාව ඉටුකර ගන්න කලින් ම වේලාවක් වෙන්කර ගන්න පහසුකම් සලසන්න කටයුතු කළේ. දැන් කිසිම කෙනෙක්ට රස්තියාදු වෙන්න ඕනේ නෑ. ජංගම දුරකථනයෙන් හෝ අන්තර්ජාලයෙන් විනාඩියක් දෙකක් ඇතුළත තමන්ට පහසු කාර්යාලයක්, දිනයක් වේලාවක් වෙන් කර ගන්න පුළුවන්. මේ පහසුකම ප්‍රධාන කාර්යාලයට විතරක් නෙවෙයි ලංකාවේ ඕනෑ ම කම්කරු කාර්යාලයකට ම අදාළ යි. මේක නිසා අපිට දිගු වේලාවක් පෝලිම් වල ඉන්න හෝ රස්තියාදු වෙන්න වෙන එකක් නෑ. ඒ වගේ ම කම්කරු කාර්යාලයේ අනෙකුත් මෙහෙයුම් කටයුතු සියල්ලත් මේ විදියට ම ඩිජිටල්කරණය කිරීමට අපි ඉතා කඩිනමින් කටයුතු කරනවා“
ඒ අනුව සේවක අර්ථසාධක අරමුදලේ (EPF) ප්‍රතිලාභ ලබාගැනීම සදහා දැනට පවතින දිගු පෝලිම් අහෝසි වන අතර ප්‍රධාන කාර්යාලයට අමතර ව සියලු දිස්ත්‍රීක්, කලාප සහ උපකාර්යාල මගින් සේවා සපයා ගැනීමට ද වේලාව වෙන්කර ගත හැකි ය. සාමාන්‍ය ප්‍රතිලාභ අයදුම් කිරීම, 30% ප්‍රතිලාභ අයදුම් කිරීම, මියගිය සාමාජිකයාගේ උරුමකරුවන් ප්‍රතිලාභ අයදුම් කිරීම සහ සේවා යෝජක ලියාපදිංචිවීම් යන කටයුතු මේ ඔස්සේ ඉටුකර ගත හැකි ය.

මෙතෙක් නාරාහේන්පිට කම්කරු දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයට පමණක් සීමා වී තිබූ මාර්ගගත පහසුකම අද සිට දිස්ත්‍රීක් කාර්යාල 40, උපකාර්යාල 17 සහ කලාප කාර්යාල 11 වෙතින් ද ලබාගත හැක.

යම් අධීක්ෂණ කාලසීමාවකින් අනතුරු ව මාර්ගගත ක්‍රියාවලිය අනිවාර්ය කෙරෙන බවත්, කම්කරු දෙපාර්තමේන්තුවේ සේවාවන් කාර්යක්ෂමව සහ කඩිනම් ව ඉටුකර දී මහජනතාව පත්වන අපහසුතාවන් අවම කිරීමට මෙමගින් බලාපොරාත්තු වන බවත්, මෙම අවස්ථාවට එක් වූ කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවැසීය. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මේ සදහා වන තාක්ෂණික පහසුකම් සපයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රපාතයකට පෙරළුණු සිමෙන්ති ලොරිය ගොඩගත්ත හැටි
01:15
Video thumbnail
කෙඳිරි ගාන්න එපා රන්වල හිටියේ නීතියට උඩින්..ආණ්ඩුවේ අයට අත තිබ්බොත් උඹලට වෙන්නේ මේකයි කියලා පෙන්නුවේ
13:50
Video thumbnail
උඹලට රස්සාව කරන්න බැරි නම් ගෙදර පලයල්ලා
01:58
Video thumbnail
තෙවන වරටත් හික්කඩුව නගර සභාවේ 2026 අයවැය මාලිමාව පරාජය වෙයි
01:43
Video thumbnail
වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී එකම පවුලේ සිව්දෙනෙකුට තුවාල
00:46
Video thumbnail
"බොරු කියලා ආණ්ඩු ගන්න පුළුවන් හැබැයි ගෙනියන්න බැහැ"..මුජිබර් හොඳම එකෙන් දෙසයි
02:40
Video thumbnail
ආපදාවෙන් අසරණ වූ මාධ්‍යවේදීන්ට සරණක් වෙන මාතර මාධ්‍යවේදීන්..මාධ්‍යවේදීන් සංවේදී වී හඬාවැටෙයි
05:38
Video thumbnail
නුවරඑලියට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් එයි..හෝටලුත් සංචාරකයින්ගෙන් පිරී ගිහින්
06:09
Video thumbnail
නත්තල දවසේ අස්ගිරි - මල්වතු නාහිමිවරුන් ජනතාවගෙන් ඉල්ලූ ඉල්ලීම
03:19
Video thumbnail
"හු## යන්න පුළුවන් විදියට පලයන් ඩෝ..පාරේ" බලපිටියේ සිදුවූ බිහිසුණු රිය අනතුර
01:01


?