එදා මදූෂ් සමග ඩුබායි ගොස් සාද දැමූ බන්ධනාගාර ලොක්කා කවුද ? විමර්ශන යට ගැහුවේ ඇයි..?

මාකඳුරේ මධුෂ් දැනට ජීවත්ව නොසිටියත් ඔහුගේ ක්‍රියාකාරකම්වලට ආධාර අනුබල ලබාදුන් පුද්ගලයින් අදටත් රිසිසේ සමාජයේ ගෞරවාන්විතව වැජඹෙනු ලබයි.

බුරු ගැසුවත් බුරුගසන තැන සිටියත් නීතිය හමුවේ ඒ සියල්ලෝම වරදකරුවන් ය. එසේ නම් අද දසත අනාවරණය “මාකඳුරේ මධුෂ් සමග ඩුබායි ගොස් සාද දැමූ බන්ධනාගාර උසස් නිලධාරියා කවුද?”

මදුෂ් විසින් පවසා ඇත්තේ අපේම සල්ලිවලින් කාලා අපිටම කෙලවනවා යනවදනකි.

එම වදන මුල් කරගනිමීන් මාකඳුරේ මධුෂ් සමග ඩුබායි ගොස් සම්බන්ධතා පැවැත්වූ බන්ධනාගාර නිලධාරියා කවුරුන් දැයි සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතරාජකාරිය පැවරුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියා විමර්ශන ආරම්භ කිරීමෙන් අනතුරුව බන්ධනාගාර අතිරේක කොමසාරිස් ජෙනරාල්වරයාගේ ගමන් බලපත්‍රය ලබාගෙන පරීක්ෂණ කළේය.

ඔහු සත්‍ය වශයෙන්ම එවැනි ගමනක් ගොස් තිබුණේ නැත.

බන්ධනාගාර නිලධාරීන් විසින් ඩුබායි ගියේ කවුදැයි නම් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියා හට පවසා සිටියද ඔහුට එය නොඇසුණා සේ කාලය ගත කළේ චෝදනාවට ලක්වන බන්ධනාගාර උසස් නිලධාරියා ඔහුගේ ගජ මිතුරකු වන නිසාවෙන් බව බන්ධනාගාර නිලධාරින් පවසයි.

පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුවට කරුණු වාර්තා කළේ එසේ කිසිදු බන්ධනාගාර නිලධාරියෙකු ඩුබායි ගොස් නොමැති බවකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යනු විශිෂ්ට දක්ෂතා තිබෙන ආයතනයකි.

ජනාධිපති මන්දිරයෙහි වැසිකිළියට ගිය අයත් පැය කිහිපයක් තුල අත්අඩංගුවට ගන්නා සේ ඔවුන් දක්ෂතා රැසකට හිමිකම් කියනු ලබයි.

එහෙත් ඔවුන් හට මදුෂ් සමග සාද දැමූ දුෂිත නිලධාරියා සොයා ගැනීමට නොහැකි විය.

ජනතාවගේ බදු මුදලින් වැටුප් ගන්නා රජයේ නිලධාරියෙකු පාතාලේ සමග සම්බන්ධතා පවත්වනවා නම් ඔහු සිටිය යුත්තේ බන්ධනාගාර කූඩුවක් තුළය.

දඬුවම් ලැබිය යුතුය. එම දූෂිතයා ආරක්ෂා කරන රජයේ නිලධාරියෙකු සිටියේ නම් ඔහුද වැරදිකරුවෙකිය.

ඔහු ද සිටිය යුත්තේ බන්ධනාගාරයේ කූඩුවක් තුළ ය. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ න්‍යාය ක්‍රියාත්මක නොවීමට රාජ්‍ය නිලධාරීන් වගබලා ගත යුතුය.

විමර්ශන නිලධාරියෙකු අධිකරණයට බොරු තොරතුරු ලබා දෙන්නේ නම් එය අධිකරණය නොමග යැවීමකි.

එය බරපතල වරදකි. දසත ලංකා ආවරණයන් වගකීමක් හා සාක්ෂි සහිතව සිදු කරමු. මෙම සිදුවීම් සම්බන්ධව රාජ්‍ය ආයතන හැසිරෙන අයුරු අපි අධීක්ෂණයෙන් සිටින බව සිහිපත් කරමි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බදුල්ලේ පොඩ්ඩෝ හරි අපූරුවට නත්තල සමරපු හැටි
01:28
Video thumbnail
කලකාරුවන් රැසක් මැද අවසන් ගමන් ගිය ප්‍රවීණ රංගධර කලාශූරී එදිරිසිංහ
02:46
Video thumbnail
වෙනදට උදෙන්ම ලැබෙන කුණු මල්ල වෙනුවට ලැබුණු බඩු මල්ල
01:36
Video thumbnail
20ක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
00:54
Video thumbnail
පොලිසිය ළඟ ඉද්දීම චණ්ඩිකම් පෙන්නපු උපකාරක පංති ගුරුවරයා
01:23
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:10
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40


?