එදා මදූෂ් සමග ඩුබායි ගොස් සාද දැමූ බන්ධනාගාර ලොක්කා කවුද ? විමර්ශන යට ගැහුවේ ඇයි..?

මාකඳුරේ මධුෂ් දැනට ජීවත්ව නොසිටියත් ඔහුගේ ක්‍රියාකාරකම්වලට ආධාර අනුබල ලබාදුන් පුද්ගලයින් අදටත් රිසිසේ සමාජයේ ගෞරවාන්විතව වැජඹෙනු ලබයි.

බුරු ගැසුවත් බුරුගසන තැන සිටියත් නීතිය හමුවේ ඒ සියල්ලෝම වරදකරුවන් ය. එසේ නම් අද දසත අනාවරණය “මාකඳුරේ මධුෂ් සමග ඩුබායි ගොස් සාද දැමූ බන්ධනාගාර උසස් නිලධාරියා කවුද?”

මදුෂ් විසින් පවසා ඇත්තේ අපේම සල්ලිවලින් කාලා අපිටම කෙලවනවා යනවදනකි.

එම වදන මුල් කරගනිමීන් මාකඳුරේ මධුෂ් සමග ඩුබායි ගොස් සම්බන්ධතා පැවැත්වූ බන්ධනාගාර නිලධාරියා කවුරුන් දැයි සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතරාජකාරිය පැවරුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියා විමර්ශන ආරම්භ කිරීමෙන් අනතුරුව බන්ධනාගාර අතිරේක කොමසාරිස් ජෙනරාල්වරයාගේ ගමන් බලපත්‍රය ලබාගෙන පරීක්ෂණ කළේය.

ඔහු සත්‍ය වශයෙන්ම එවැනි ගමනක් ගොස් තිබුණේ නැත.

බන්ධනාගාර නිලධාරීන් විසින් ඩුබායි ගියේ කවුදැයි නම් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියා හට පවසා සිටියද ඔහුට එය නොඇසුණා සේ කාලය ගත කළේ චෝදනාවට ලක්වන බන්ධනාගාර උසස් නිලධාරියා ඔහුගේ ගජ මිතුරකු වන නිසාවෙන් බව බන්ධනාගාර නිලධාරින් පවසයි.

පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුවට කරුණු වාර්තා කළේ එසේ කිසිදු බන්ධනාගාර නිලධාරියෙකු ඩුබායි ගොස් නොමැති බවකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යනු විශිෂ්ට දක්ෂතා තිබෙන ආයතනයකි.

ජනාධිපති මන්දිරයෙහි වැසිකිළියට ගිය අයත් පැය කිහිපයක් තුල අත්අඩංගුවට ගන්නා සේ ඔවුන් දක්ෂතා රැසකට හිමිකම් කියනු ලබයි.

එහෙත් ඔවුන් හට මදුෂ් සමග සාද දැමූ දුෂිත නිලධාරියා සොයා ගැනීමට නොහැකි විය.

ජනතාවගේ බදු මුදලින් වැටුප් ගන්නා රජයේ නිලධාරියෙකු පාතාලේ සමග සම්බන්ධතා පවත්වනවා නම් ඔහු සිටිය යුත්තේ බන්ධනාගාර කූඩුවක් තුළය.

දඬුවම් ලැබිය යුතුය. එම දූෂිතයා ආරක්ෂා කරන රජයේ නිලධාරියෙකු සිටියේ නම් ඔහුද වැරදිකරුවෙකිය.

ඔහු ද සිටිය යුත්තේ බන්ධනාගාරයේ කූඩුවක් තුළ ය. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ න්‍යාය ක්‍රියාත්මක නොවීමට රාජ්‍ය නිලධාරීන් වගබලා ගත යුතුය.

විමර්ශන නිලධාරියෙකු අධිකරණයට බොරු තොරතුරු ලබා දෙන්නේ නම් එය අධිකරණය නොමග යැවීමකි.

එය බරපතල වරදකි. දසත ලංකා ආවරණයන් වගකීමක් හා සාක්ෂි සහිතව සිදු කරමු. මෙම සිදුවීම් සම්බන්ධව රාජ්‍ය ආයතන හැසිරෙන අයුරු අපි අධීක්ෂණයෙන් සිටින බව සිහිපත් කරමි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි - පක්ෂව ඡන්ද 158ක්
00:53
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ යකා නටයි - අගමැතිතුමිය පරිස්සමින් ඉන්න..ඉස්සෙල්ලම මේක එන්නේ ඔයාලට
06:43
Video thumbnail
ඔයාලා අධිකරණය හෑවා..හවසට පාර්සලුත් අරගෙන යනවා - මොකක්ද ඔයාලගෙයි අපෙයි වෙනස
03:59
Video thumbnail
ප්‍රසාද් සර් - ලාල්කාන්ත පාර්ලිමේන්තුවේ පැටලෙයි - ලාල්කාන්ත හොරකම් කරා - "මට අම්බුළුවාවෙන් හම්බවුණේ"
14:50
Video thumbnail
IMF එක කියන හැම පදයටම නටන්න ඕනි නෑ - IMF එකඟතාවයකට නොපැමිණීම ගැන හර්ෂ කළ හෙළිදරව්ව
08:36
Video thumbnail
අද රඟ දැක්වෙන්නේ පළිඟු මැණිකේ දෙක - ඇයි මේ විනිසුරුවරුන් රෑ එළිවෙනකල් නඩු අහනවද ?
10:54
Video thumbnail
22 සම්මතයෙන් පසු රටට වෙන දේ දයාසිරි හෙළිකරයි - හෙට ඉදන් කූඩුවේ දාපු විනිසුරුවරු වගේ ඉන්නේ
11:15
Video thumbnail
සරණට, වැරදි පාරෙන් සරණක් ගන්න ගිය සරණගේ බිරිඳ රිමාන්ඩ් - මූණත් අවුල් කරගෙන එන හැටි
01:07