පාකිස්ථානයට හදිසි තත්ත්වයක්

පාකිස්ථානයට ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ, මේ වනවිට එරටට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන්.

මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් මිලියන 30කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ වනවිට පුද්ගලයින් 900 දෙනෙකුට පමණ ගංවතුර හේතුවෙන් ජීවිත අහිමි වී ඇති බව ද වාර්තා වනවා.

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් සහන සේවාවලට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වුණේ.

මෙම ගංවතුරත් සමඟ විවිධ වූ රෝගී තත්ත්වයන් පැතිර යාමේ අවදානමක් ද පවතින බව එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

මේ අතර රටට අවශ්‍ය ජාත්‍යන්තර ආධාර ඉල්ලා පාකිස්ථානය අග්‍රාමාත්‍යවරයා ඉස්ලාමාබාද් හි විදේශ තානාපතිවරුන් සමඟ විශේෂ රැස්වීමක් ද පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?