ආර්ථිකය කඩා වැටුණේ ගෝඨාභය පාලන සමයේ නෙවෙයි – ආචාර්ය නාලක ගොඩහේවා

රටේ ආර්ථිකය කඩා වැටුණේ ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා පවසනවා.

මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කළේ යුද්ධයෙන් පසු බලයට ආ රජයන් තුනම මෙරට ආර්ථිකය කඩා වැටීම සම්බන්ධයෙන් වගකිව යුතු බවයි.

2009 -2015 කාලය තුළ රටේ ණය බර රුපියල් බිලියන 2200 සිට බිලියන 7400 දක්වා වැඩි වූ බව කී මන්ත්‍රීවරයා ඉහළ පොලී අනුපතිකයන්ට කෙටි කාලීන වාණිජ ණය ගැනීම ආරම්භ කළේ රාජපක්ෂ ආණ්ඩුව බවයි ඔහු සඳහන් කළේ.

එම ආණ්ඩුව දිගින් දිගටම ණය ලබාගනිමින් ආදායම් නො ලැබෙන සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කළ බවත්, එම යටිතල පහසුකම් සංවර්ධනය පිටුපස විශාල නාස්තියක් හා දූෂණයක් තිබූ බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

ඊට පසු බලයට ආ මෛත්‍රීපාල සිරිසේනගේ යහපාලන ආණ්ඩුව සමයේ දී ණය බර රුපියල් බිලියන 7400 සිට රුපියල් බිලියන 13,000 දක්වා වැඩි වූ බවයි ඔහු පවසන්නේ.

එම ආණ්ඩුවේ ද බරපතළ නාස්තිය සහ දූෂණ සිදු වූ බව නාලක ගොඩහේවා මන්ත්‍රීවරයා සඳහන් කළා.

ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමට මහන්සි වූ කණ්ඩායම් ආර්ථික කළමණාකරන සැලැස්මක් සකසා තිබුණත්, ඔහු බලයට ආ පසු සැලැස්ම සකස් කළ පිරිස අමතක කළ බව සඳහන් කළ ඔහු 2015ට පෙර රටේ ආර්ථිකය කළමනාකරණය කළ පිරිසටම යළි ආර්ථිකය භාරදීම හේතුවෙන් අපේක්ෂිත අරමුණු ඉටු නොවූ බවයි මන්ත්‍රීවරයා පවසා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32
Video thumbnail
කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයට ගලා ආ මුහුදු ජලය කළ විනාශය
01:45
Video thumbnail
හිටපු ඇමතිගේ බිරිද වැ#ණු ස්ථානයේ මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකරන අයුරු
01:45
Video thumbnail
බෝවතැන්න ජලාශය සම්පූර්ණයෙන්ම හිස් කිරීම ලබන 24 වැනිදා සිට
01:51
Video thumbnail
අදත් කුණු ටිකක් අතේ මාට්ටු..අනේ අදට සමාව දෙන්න කියන්නකෝ සර්..
01:43
Video thumbnail
NSBM දස වසරක ගමනේ රටේ ආර්ථිකයට රු.බිලියන 115.5කට අධික දායකත්වයක්
01:34
Video thumbnail
විවෘත විශ්වවිද්‍යාලයේ පවතින ගාස්තුව සිසුන්ට දරාගන්න බෑ - UGC එකට පැමිණිල්ලක්
05:28
Video thumbnail
දිවුලපිටිය කුණු කන්ද සුද්ද කරලා තියෙන්නේ බාගෙට..ඇතුලේ කුණු එහෙම්මයි..රවට්ටන්න විතරක් කරන්න එපා
01:55