90 හැවිරිදි දලයි ලාමා අනුප්‍රාප්තික සැලැස්ම හෙළි කිරීමට සූදානම්

දලයි ලාමා මේ සතියේ ඔහුගේ 90 වන උපන්දිනයට පෙර තෙදින රැස්වීමක් ඇමතීමට නියමිතව ඇත්තේ චීනය කෝපයට පත් කළ හැකි පියවරක් ලෙස ද සැලකෙන ටිබෙට් අධ්‍යාත්මික නායකයා ඔහුගේ අනුප්‍රාප්තිකයා පිළිබඳ තොරතුරු බෙදා ගන්නා තෙක් සිය අනුගාමිකයන් බලා සිටින මොහොතකයි.

චීන පාලනයට එරෙහි අසාර්ථක නැගිටීමකින් පසු 1959 දී ටිබෙටයෙන් පලා ගිය දලයි ලාමා බෙදුම්වාදියෙකු ලෙස බීජිං සලකන අතර එය ඔහුගේ අනුප්‍රාප්තිකයා තෝරා ගන්නා බව පවසනවා.

දලයි ලාමා පවසා ඇත්තේ තම අනුප්‍රාප්තිකයා චීනයෙන් පිටත උපත ලබන බවත් බීජිං විසින් තෝරා ගන්නා ඕනෑම අයෙකු ප්‍රතික්ෂේප කරන ලෙස තම අනුගාමිකයන්ගෙන් ඉල්ලා සිටින බවත්ය.

ටිබෙට් බෞද්ධයන් විශ්වාස කරන්නේ ප්‍රබුද්ධ භික්ෂූන් වහන්සේලා ඔවුන්ගේ අධ්‍යාත්මික උරුමය ඉදිරියට ගෙන යාම සඳහා නැවත ඉපදෙන බවයි.

14 වන දලයි ලාමා ඉරිදාට වයස අවුරුදු 90 ක් වන අතර ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ අනුප්‍රාප්තිකයා, සොයා ගත හැකි ස්ථානය පිළිබඳ ඉඟි බෙදා ගැනීමට මේ අවස්ථාවේ දී ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා සහ වෙනත් අය සමඟ දලයි ලාමා සාකච්ඡා කරනු ඇතැයි සැලෙකෙනවා.

“මගේ ජීවිතයේ ඉතිරි කාලය හැකිතාක් දුරට, අන් අයගේ යහපත සඳහා කැප කරමි,” දලයි ලාමා සඳුදා ඔහුගේ අනුගාමිකයන්ගේ රැස්වීමකදී පැවසුවා.

“දලයි ලාමාවරුන්ගේ ආයතනයේ අඛණ්ඩ පැවැත්ම ගැන කතා කළ හැකි යම් ආකාරයක රාමුවක් ඇත,” යනුවෙන් පැවසූ ඔහු රාමුව විස්තර කළේ නැහැ.

ඔහු මීට පෙර පවසා ඇත්තේ උතුරු හිමාලයානු නගරයක් වන ධර්මශාලා අසල පිටුවහල්ව ජීවත් වන ඉන්දියාවේ නැවත ඉපදීමට හැකි බවයි.

ඔහුට වයස අවුරුදු දෙකේදී ඔහුගේ පූර්වගාමියාගේ පුනරුත්පත්තිය ලෙස ඔහු හඳුනාගෙන තිබෙනවා.

සාමාන්‍යයෙන් පුනරුත්පත්තිය පිළිබඳ එවැනි සාකච්ඡා භික්ෂුවක් තවමත් ජීවතුන් අතර සිටින විට සිදු නොවන නමුත් දැන් දේවල් වෙනස් වන්නේ ප්‍රධාන වශයෙන් “චීන රජය මැදිහත් වන” බැවින් බව ටිබෙට් ප්‍රධාන පරිපාලකයෙක් පැවසුවා.

මාර්තු මාසයේදී බීජිං පැවසුවේ දලයි ලාමා යනු “ටිබෙට් ජනතාව නියෝජනය කිරීමට කිසිසේත් අයිතියක්” නොමැති දේශපාලන පිටුවහල් වූවෙක් බවයි.

ටිබෙට් සහ තායිවානය චීනයේ අත්‍යවශ්‍ය කොටස් බව ඔහු හඳුනා ගන්නේ නම් ඔහුගේ අනාගතය සාකච්ඡා කිරීමට විවෘත බව චීනය පවසා ඇති අතර, පිටුවහල් කර ඇති ටිබෙට් රජය එම යෝජනාව ප්‍රතික්ෂේප කළා.

2019 න් පසු පළමු වරට පැවැත්වෙන මෙම සතියේ ආගමික සමුළුවට ටිබෙට් බෞද්ධ නායකයින් 100 කට වැඩි පිරිසක් සහභාගී වන අතර දලයි ලාමාගේ වීඩියෝ ප්‍රකාශයක් ඉදිරිපත් කරනු ඇති.

ටිබෙට් බුද්ධාගමේ දිගුකාලීන අනුගාමිකයෙකු වන හොලිවුඩ් තරුවක් වන රිචඩ් ගෙයාර් ද සහභාගී වන අය අතර සිටින බව සංවිධායකයින් පවසනවා.

දලයි ලාමා ජූලි 5 වන දින යාඥාවන්ට සහභාගී වන අතර සංවිධායකයින් විසින් බෙදා ගන්නා ලද කාලසටහනකට අනුව දිනකට පසුව ඔහුගේ උපන්දින සැමරුම්වලට සහභාගී වනු ඇති.

ඔහු පැය භාගයක් පමණ සැමරුම් උත්සවයේදී කතා කරනු ඇතැයි ද සඳහන්.

ඉන්දියාවේ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය කිරන් රිජිජු සහ තවත් ඉන්දීය නිලධාරීන් කිහිප දෙනෙකු ද සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

දෙසැම්බර් මාසයේදී දලයි ලාමා රොයිටර් පුවත් සේවයට පැවසුවේ ඔහුට වයස අවුරුදු 110 දක්වා ජීවත් විය හැකි බවයි.

පෙර දලයි ලාමා අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා කලින් වයස අවුරුදු 58 දී මියගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිදු පුරවැසියෙක් පාලකයට බයේ ඉන්න ඕනි නෑ - මාව ප්‍රශ්න කිරීමේ අයිතිය ජනතාවට තියෙනවා
07:07
Video thumbnail
අපිට පොහොසත්ම රට වෙන්න අමාරුයි හැබැයි අභිමානවත්ම රට වෙන්න පුළුවන්
05:29
Video thumbnail
ඔස්ට්‍රේලියාවට යන්න ඔබටත් දැන් අවස්ථාවක්
02:22
Video thumbnail
සොර යුවලගේ කුරුමාණම අතේ මාට්ටු ?
01:23
Video thumbnail
කොහොමද මාලිමාවේ ඇමතිලගේ වැඩ
00:41
Video thumbnail
ට්‍රීට්මන්ට් එකක් ගන්න ආ කොල්ලා වීඩියෝ කළා කියලා SPA අක්කට යකා නගියි
00:44
Video thumbnail
පාරත් බදු අරගෙන යන සැප වාහන - මූන්ට ලයිසන් දීපු උන්ට ග#න්න ඕනි
02:26
Video thumbnail
වෙළෙඳසැලකට පැනලා භාණ්ඩ හොරකම් කළ කපල් එක - සොර යුවලගේ කුරුමාණම අතේ මාට්ටු ?
02:46
Video thumbnail
කොහොමද මාලිමාවේ ඇමතිලගේ වැඩ - ඇමති වසන්ත මෝටර් ග්‍රේඩරයක නැගලා සුපිරියට වැඩ කරන හැටි
02:11
Video thumbnail
මාලිමාවේ ගෑණුන්ට ග#පු පොල්ගෙඩියේ බෑයක්ම ඇවිත් චරිත්ගේ ඔළුවට වැදුණා - වේදනාව බේබිලට ඇහෙන්න ඕනි
07:26