spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

7 හැවිරිදි දරුවෙකුට පාසලක් ඉදිරිපිටදී කල කැත වැඩේ

වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිටදී 07 හැවිරිදි දරුවෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් වාර්තා වී තිබේ. පහරකෑ බව කියන දරුවා රෝහල්ගත කර තිබේ.

ඔහු වාද්දුව පොතුපිටිය පනාපිටිය පාරේ පදිංචි දරුවෙකි.එම දරුවාට පහරදුන් පුද්ගලයාගේ දරුවාද අදාළ පාසලේ එම පන්තියේම ඉගෙනුම ලබන අතර පහරදීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයාගේ දරුවා පාසල නිමවී හඬාවැටෙමින් පැමිණ ඇති අතර එයින් දැඩි කෝපයට පත්වී ඇති එම පුද්ගලයා සිය දරුවාට පහරදුන් බව කියන දරුවාට කම්මුලට පහරදී ඇති බව වාර්තා වනවා.

එම පහරදීමත් සමග දරුවා බිම ඇඳවැටී තිබෙන අතර පහරකෑමට ලක්වූ දරුවාගේ වැඩිමහල් සහෝදරයා ඔහුව රැගෙනයෑමට පාසල අසලට පැමිණි අවස්ථාවේදී සිද්ධිය ආරංචි වී මවට දුරකථන ඇමතුමක් ගෙන සිද්ධිය පවසා තිබේ. 7 හැවිරිදි දරුවාව ත්‍රිරෝද රථයකින් කළුතර මහ රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධිය ඇසින් දුටු අයෙක් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ඒ මොහොතේම තොරතුරු ලබාදී තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?