ධීවරයින් මියයෑමේ සිදුවීම සම්බන්ධයෙන් ඉන්දියාවේ විරෝධය

මෙරට මුහුදු සීමාවේ දී ඉන්දීය  ධීවර යාත්‍රාවක් අනතුරට පත් වී එහි සිටි ධීවරයින් සිව්දෙනා මියයාම සම්බන්ධයෙන් කම්පාවට පත්වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ඉන්දීය ධීවරයින් තිදෙනෙකු සහ එක් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් ඇති බවය.

ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් වු මුහුදු තීරයේ දී නාවික හමුදා යාත්‍රාවක ඉන්දීය ධීවර යාත්‍රාව ගැටීමෙන් පසුගියදා අදාළ අනතුර සිදුවී තිබුණි.

එම අනතුර සම්බන්ධයෙන් තම රජය දැඩි විරෝධය පලකරන අතර ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහකොමසාරිස්වරයා හරහා ඒ පිළිබඳව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා වෙත දැනුම් දී ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

අදාළ අනතුරෙන් සිදුවු ජිවිත හානි සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කරන අතර ධීවරයින්ට අදාළ ගැටලු මානූෂීය ලෙස විසඳීමේ අවශ්‍යතාව අවධාරණය කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

මේ සම්බන්ධයෙන් “අද දෙරණ“ නාවික හමුදාවෙන් විමසිමක් කළ අතර එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මෙරට මුහුදු සීමාවේදී මෙරට ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔවුන් විසින් නාවික හමුදා යාත්‍රාවට ප්‍රහාරයක් එල්ල කිරීමට යාමේ දී මෙම අනතුර සිදුව ඇති බවය.

අනතුරෙන් ඉන්දිය ධීවර යාත්‍රාව පෙරළී ගොස් ඇති අතර පසුව නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් විසින් සිදුකළ සෝදිසි කිරීම්වල දී මියගිය ධිවරයින් සිව්දෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට හැකි වී තිබේ.

එම මළ සිරුරු මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ තබා ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පොලීසියට උපදෙස් ලබා දී ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
බිමල් - චාමර පාර්ලිමේන්තුවේ පැටලෙයි - මම දන්නෙත් නෑ හොයන්නෙත් නෑ අදාලත් නෑ
06:51
Video thumbnail
චාමර උදෙන්ම පාර්ලිමේන්තුවේ යකා නටයි - කථානායක හැමදාම මස්ත බාල්දුව දාන්න එපා
03:11
Video thumbnail
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ගැන අජිත් කට අරියි - ඇයි 2026 කරපු ආයෝජන අඩුවෙලා ?
07:35
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල - කුරුමාණම අල්ලලා දුන්න ගේම
01:00
Video thumbnail
නරි උඩු බුරුලනවා වගේ විපක්ෂය උඩුබුරුලනවා - ඔක්කොම ඉන්නේ සැක පිටයි ඇප පිටයි
03:36
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රයේ CCTV දර්ශන එළියට - දාලා ඇවිත් දුවගෙන යන හැටි
01:53
Video thumbnail
පාසල් සිසුන් දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රය - "කෑගහන සද්දයට තමයි අපි දුවගෙන ආවේ"
03:04
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11