spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ධීවරයින් මියයෑමේ සිදුවීම සම්බන්ධයෙන් ඉන්දියාවේ විරෝධය

මෙරට මුහුදු සීමාවේ දී ඉන්දීය  ධීවර යාත්‍රාවක් අනතුරට පත් වී එහි සිටි ධීවරයින් සිව්දෙනා මියයාම සම්බන්ධයෙන් කම්පාවට පත්වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ඉන්දීය ධීවරයින් තිදෙනෙකු සහ එක් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් ඇති බවය.

ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් වු මුහුදු තීරයේ දී නාවික හමුදා යාත්‍රාවක ඉන්දීය ධීවර යාත්‍රාව ගැටීමෙන් පසුගියදා අදාළ අනතුර සිදුවී තිබුණි.

එම අනතුර සම්බන්ධයෙන් තම රජය දැඩි විරෝධය පලකරන අතර ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහකොමසාරිස්වරයා හරහා ඒ පිළිබඳව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා වෙත දැනුම් දී ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

අදාළ අනතුරෙන් සිදුවු ජිවිත හානි සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කරන අතර ධීවරයින්ට අදාළ ගැටලු මානූෂීය ලෙස විසඳීමේ අවශ්‍යතාව අවධාරණය කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

මේ සම්බන්ධයෙන් “අද දෙරණ“ නාවික හමුදාවෙන් විමසිමක් කළ අතර එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මෙරට මුහුදු සීමාවේදී මෙරට ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔවුන් විසින් නාවික හමුදා යාත්‍රාවට ප්‍රහාරයක් එල්ල කිරීමට යාමේ දී මෙම අනතුර සිදුව ඇති බවය.

අනතුරෙන් ඉන්දිය ධීවර යාත්‍රාව පෙරළී ගොස් ඇති අතර පසුව නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් විසින් සිදුකළ සෝදිසි කිරීම්වල දී මියගිය ධිවරයින් සිව්දෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට හැකි වී තිබේ.

එම මළ සිරුරු මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ තබා ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පොලීසියට උපදෙස් ලබා දී ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?