55 වසරකට පසු ප්‍රධාන ආරාධිතයෙක් නැති ඉන්දීය ජනරජ උළෙල

ඉන්දියාවේ 72 වන ජනරජ දිනය අදට යෙදී තිබේ.

කොරෝනා වසංගත ව්‍යාප්තිය මධ්‍යයේ මෙවර ජනරජ දිනය සංවිධානය කර ඇති බැවින් එහි සැමරුම් කටයුතු සෙසු වසරවලට සාපේක්ෂව වෙනස් මුහුණුවරක් ගනු ඇති.

මෙවර රිපබ්ලිකන් දිනයේ ප්‍රධාන අමුත්තා ලෙස ආරාධනා ලැබූ එංගලන්ත අග්‍රාමාත්‍ය බෝරිස් ජොන්සන් ඊට සහභාගී නොවේ.

එංගලන්තයේ කොරෝනා ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් උත්සන්න වීම ඊට හේතුවයි.

ඉන්දීය ජනරජ දින උළෙල ප්‍රධාන ආරාධිත අමුත්තකුගෙන් තොරව පැවැත්වෙන්නේ වසර 55 කට පසු ප්‍රථම වරටයි.

ජනරජ දින උළෙල සැමරුම් සීමා කර ඇති අතර පෙළ පාලිය ද පෙර වසරවලට සාපේක්ෂව කෙටි කර තිබේ.

ජනරජ දින පෙළපාළියට සහභාගී වන ආරක්ෂක බලඇණි සංඛ්‍යාව 96 ක් දක්වා සීමා කර ඇති අතර සෑම සාමාජිකයකුම මුව ආවරණයක් පළඳිනු ඇති .

මෙවර ජනරජ දින උළෙල සැමරෙන්නේ , නව ගොවි පනත්වලට දැඩි විරෝධය පළ කරමින් ඉන්දීය ගොවීන් 25000 ක් පමණ දිල්ලි නගර සීමාව ආශ්‍රිතව විරෝධතාවල නිරතවන පසුබිමකදීයි.

මේ හමුවේ දිල්ලි නගර සීමාවේ ආරක්ෂාවට ආරක්ෂක භටයින් 30000 ක් පමණ යොදවා ඇතැයි වාර්තා වේ.

1950 වසරේ ඉන්දීය ව්‍යවස්ථාව බලාත්මක වීමෙන් ඇරඹුණු ජනරජ දින උලෙල එරට ප්‍රධාන ජාතික උත්සවයකි.

වසර 200 ක කාලයක් බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති ඉන්දියාව 1947 වසරේ අගෝස්තු 15 වනදා නිදහස ලබාගත් නමුත් එරටට ස්ථාවර ව්‍යවස්ථාවක් නොපැවතිණ.

ආචාර්ය බී. ඩී. අම්බේඩ්කාර්ගේ ප්‍රධානත්වයෙන් පිහිටවූ කමිටුවක් කෙටුම්පත් කළ ඉන්දීය ව්‍යවස්ථාව 1950 වසරේ ජනවාරි මස 26 වන දින ඉන්දීය ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව මගින් බලාත්මක කිරීමත් සමග වාර්ෂිකව එදින ජනරජ දින උළෙල සැමරීම ආරම්භ විය.

එකිනෙකා අතර පවතින සියලු වෙනස්කම් අමතක කර දමා සෑම ප්‍රජාවක්ම එකම රටක පුරවැසියන් සේ ඉන්දීය ජනරජ දින සමරුමට එක්වීම විශේෂත්වයකි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
තොරණ් සහ වෙළෙඳසැල් කුඩු කරගෙන පලා ගිය වෑන් රථය - තොරණ් දෙකක් සහ වෙළෙඳසැල් දෙකක් විනාශයි
01:00
Video thumbnail
"සැලැස්ම පැහැදිලියිනේ දැන්.. ඔන්න පොලිස් බුද්ධි අංශයේ වැඩ"
00:25
Video thumbnail
මිග් යානා සිද්ධියට ප්‍රකාශයක් දෙන්න ගෝඨාභය FCIDයට එයි
01:12
Video thumbnail
5 දෙනෙක් රෝහලට යැවූ බිහිසුණු ලොරි - බස් අනතුර.. අනතුරට මුහුණ දුන් මිනිස්සු කිව්ව දේ
01:51
Video thumbnail
"ඔයා මොකක්ද අනේ හැමදාම මස්තබාල්දුව දානවා"
00:15
Video thumbnail
බිමල් - චාමර පාර්ලිමේන්තුවේ පැටලෙයි - මම දන්නෙත් නෑ හොයන්නෙත් නෑ අදාලත් නෑ
06:51
Video thumbnail
චාමර උදෙන්ම පාර්ලිමේන්තුවේ යකා නටයි - කථානායක හැමදාම මස්ත බාල්දුව දාන්න එපා
03:11
Video thumbnail
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ගැන අජිත් කට අරියි - ඇයි 2026 කරපු ආයෝජන අඩුවෙලා ?
07:35
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04