5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්

2024 වර්ෂයේ දැඩි ආන්දෝලනයකට තුඩු දුන් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය මහත්මිය අද (23) විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

ඒ මේ වනවිට පැවැත්වෙන ක්ලීන් ශ්‍රී ලංකා පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ තෙවැනි සභා වාරයට එක්වෙමින් විපක්ෂයෙන් නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින්.

ඉතා ඉක්මනින් අදාළ විභාග ප්‍රතිඵල දරුවන් වෙත ලබාදීමට පියවර ගන්නා බව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී කියා සිටියේ.

ශිෂ්‍යත්ව විභාගයට පෙර දින රාත්‍රියේ දී ප්‍රශ්න පත්‍රයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් පිටවීම සම්බන්ධයෙන් ගුරුවරු කිහිපදෙනෙකුට චෝදනා එල්ල වීමත් සමග දෙමාපියන් ඊට එරෙහිව විරෝධතා දියත් කළා.

මේ හේතුවෙන් වරින් වර අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මෙන් ම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ද මෙම සිදුවීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබුණා.

ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාග දෙපාර්තමේන්තුවට නියෝගයක් ලබාදෙමින් සඳහන් කළේ පිටවූවා යැයි පැවසෙන ප්‍රශ්න 03 සඳහා සෑම දරුවෙකුටම නිදහස් ලකුණු පිරිනැමීම සිදු කළ යුතු බවත් එය එසේ නොවුණහොත් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් බවයි.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ අදාළ නියෝගය ප්‍රකාරව කටයුතු කර ප්‍රතිඵල සමීක්ෂණ කටයුතු නැවත ආරම්භ කර ඇති බැවින් දින 40ක පමණ කාලයක් තුළ ප්‍රතිඵල නිකුත් කිරීමට හැකි වන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51