ශ්‍රී ලංකා පිතිකරුවන් මංමුළා වෙයි – දෙවන තරගයේ ජයත් ද.අප්‍රිකාවට

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12) පැවැති දෙවැනි විස්සයි-20 තරගයේ ජය දකුණු අප්‍රිකාවට හිමි වුණා.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 103ක් ලබා ගත්තා.

දකුණු අප්‍රිකා කණ්ඩායම මෙහිදී කඩුලු 01ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

තමන් කෙරේ තැබූ විශ්වාසය අකුරටම තහවුරු කළ දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන්නෝ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 103 කට සීමා කළා.

විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේදී ලෝකයේ අංක 1 හිමි පන්දු යවන්නා වන තබ්රේස් ශම්සි සිය චයිනමන් පන්දුවලින් ශ්‍රී ලංකා පිතිකරුවන් මංමුළා කරමින් ලකුණු 20 කට කඩුලු 3 ක් දවාගත්තේ කණ්ඩායමේ නිත්‍ය වේග පන්දු යවන්නන්ට වෙහෙස වීමට ඉඩ නොතබමිනුයි.

දඟ පන්දු යවන්නන්ගේ පීඩනය කොතෙක්ද යත් ලකුණු 3 ක් ඇතුළතදී ශ්‍රී ලංකා පිලේ අවසන් කඩුලු 4 ම බිඳවැටුණේ වරෙක කඩුලු 6 කට 100 ක් ව තිබූ ලකුණු පුවරුවේ ඉලක්කම් කරකැවීම 103 දී නතර කරමිනුයි.,

දකුණු අප්‍රිකානුවන් වේග පන්දු යැවීමට කීර්තියක් උසුළන නමුත් අද තරගයේදී බිඳවැටුණු කඩුලු 10 න් වේග පන්දු යවන්නකුට හිමිවූයේ එකක් පමණි.

e3
w2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද බයවෙලා තමයි මිනිස්සුන්ව එක්කන් ආවේ
08:09
Video thumbnail
වාහනයක් මතට ගහක් කඩා වැටෙන අයුරු - වාහනේ ෆ්ලැට් වෙලාම ගියානේද ?
00:54
Video thumbnail
උසාවියට ආ ශානි මාධ්‍යයත් අයින් කරගෙන පිටව ගිය හැටි.."ගන්න එපා..ගන්න එපා.."
01:57
Video thumbnail
කොත්මලේ - ගම්පොළ ප්‍රධාන පාර තාවකාලිකව වසා දමයි
01:07
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අධිකරණයෙන් පිටව ගිය හැටි මෙන්න
00:49
Video thumbnail
ලසන්තගේ ඝා#නයට සම්බන්ධ හතර දෙනෙක්ව ඝා#නය කරලා
03:53
Video thumbnail
අන්තරේ - පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්..පොලිස් බැරියල් කඩාගෙන මල්වානේ නිවසට ගිය හැටි
04:14
Video thumbnail
දැන් වැඩියෙන්ම කෙඳිරි ගාන්නේ ජනාධිපතිතුමා - දයාසිරි සැරටම කියයි
13:36
Video thumbnail
අයහපත් කාලගුණය නිසා ඉදිරි පැය 36 තුළ රටටම වෙන්න යන දේ මෙන්න
02:48
Video thumbnail
ඇස් පනාපිටම ඇළට කඩා වැටුණු වෙළෙඳසැල
00:43