23 හැවිරිදි තරුණියකට වැරදීමකින් එන්නත් මාත්‍රා 6ක් ලබා දීලා

මේ වෙනකොටත් කොරෝනා වෛරසය අපට තදබල ලෙසින් පහර දෙමින් සිටිනවා. එවන් වූ මොහොතක ලොව පුරා “එන්නත්කරණය” සිදු වන බවද රහසක් නොවෙයි.ඇමරිකා එක්සත් ජනපදය විසින් කොරෝනාවලට එරෙහිව නිමවූ “ෆයිසර්” එන්නත මේ එන්නත් නාමාවලියේ ඉහළම තැනෙක තියෙන නමක්.

කොහොම වුණත් පසුගිය දිනෙක මධ්‍යම ඉතාලියේ ටස්කනි කියන ප්‍රදේශයේ කාන්තාවකට වැරදීමකින් ෆයිසර් එන්නතේ මාත්‍රා හයක් ලබා දී ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

23 හැවිරිදි මෙම කාන්තාවට මෙම එන්නතේ මාත්‍රා හයක් ලබා දුන්නද ඇය කිසිදු උපද්‍රවයකින් තොරව සිටින බවයි, රෝහල් ප්‍රකාශිකාවක් සඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් මෙම කාන්තාව පැය 24කට වැඩි කාලයක් රෝහලේ රඳවාගෙන ඇති නමුත් කිසිදු හානියක් සිදු නොවී ඇති බව සඳහන්.

ඇය මේ වන විට රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. වැඩිදුරටත් ඇය ගැන පරීක්ෂාවෙන් සිටින බවයි වෛද්‍යවරුන් කියන්නේ.

විදෙස් මාධ්‍ය ඇසුරිනි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16