22 දෙදෙනකුට මරු කැඳවූ බස් රථ අනතුරට හේතුව කාර්මික දෝෂයක් නොවෙයි

කොත්මලේ, රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී පුද්ගලයින් 22 දෙනෙකුට මරු කැඳවමින් සිදු වූ අනතුර අදාළ බස් රථයේ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් සිදු වූවක් නොවන බවට සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව බස් රථයේ ප්‍රමාණය ඉක්ම වූ පිරිසක් ගමන් කිරීම, අධික වෙහෙස හේතුවෙන් රියදුරුට නින්ද යාම අනතුරට හේතුවන්නට ඇති බවට සැක පළ කෙරෙන බව නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය බන්ඩාර මහතා ප්‍රකාශ කළා.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් හරහා මේ වනවිට පුළුල් විමර්ශන සිදු කෙරෙන බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.

ඉන් අනතුරුව අනතුරට හේතු වූ නිශ්චිත කරුණු අනාවරණය වනු ඇති බව ජාලිය බන්ඩාර මහතා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
6
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?