2028 ඔලිම්පික් උළෙල ලිංගික සංක්‍රාන්තික ක්‍රීඩිකාවන්ට තහනම් කිරීමේ සූදානමක්

2028 ඔලිම්පික් උළෙල සියලුම ලිංගික සංක්‍රාන්තික ක්‍රීඩිකාවන්ට තහනම් කිරීමට ඔලිම්පික් සංවිධායකයින් සූදානම්වන බවට තොරතුරු වාර්තා වනවා.

ඒ, අනුව නව සභාපති කිර්ස්ටි කොවෙන්ට්‍රි යටතේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව, 2028 ලොස් ඇන්ජලීස් ක්‍රීඩා උළෙල සඳහා සියලුම ක්‍රීඩා හරහා සම්පූර්ණ තහනමක් පැනවිය හැකි ආකාරයට ප්‍රතිපත්ති වෙනසක් පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම තීරණය ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට සූදානම් වීමේදී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇති වන අපහසු ගැටුම් වළක්වා ගැනීමට ද උපකාරී වනු ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

පසුගිය පෙබරවාරි මාසයේදී එක්සත් ජනපද ජනාධිපතිවරයා සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්, කාන්තා ඉසව්වන්ට තරඟ කිරීම වැළැක්වීම සඳහා විධායක නියෝගයකට අත්සන් තබනු ලැබුවා.

මේ අතර 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ දී ද ලිංගික සංක්‍රාන්තික ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වක් මතුව ආවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව හීනෙන් දකින්නෙත් නාමල් නාමල් කියලා - එක මිටට දුන්න අපි නැවත නිවැරදි තැනට ගේන්න ඕනි
04:59
Video thumbnail
අසිතගේ ප්‍රකාශයට ටිල්වින් උත්තර දෙයි - "විපක්ෂයේ අයත් ඔය බොරු කියන්නේ"
01:16
Video thumbnail
ටිල්වින් විපක්ෂයට සැරටම කියයි - "අපි තිබ්බ අඩිය ආය පස්සට ගන්නේ නෑ..කිසි අභියෝගයක් නෑ"
02:52
Video thumbnail
නාමල් රාජපක්ෂ ගැම්මට එද්දිම ඔළුව උඩින් ගිය මාළු පාන්...
00:17
Video thumbnail
ආණ්ඩුව පෝෂණය කරන අපරාධකාරයෝ නිදහසේ වෙ# තියනවා - නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
10:49
Video thumbnail
සුද්දට අයිස් විකුණන්න ගිහින් ජාත්‍යන්තරය ට ගිය අන්කල් - මොනවා කියනවද තේරෙන්නේ නෑනේ බන්
02:55
Video thumbnail
රථ පෙරහැරකින් ගැම්මට හෝමගමට ගිය නාමල් - අපේ රජතුමාට ජයෙන් ජයම වේවා..!
02:08
Video thumbnail
හිටපු ජනපති මහින්දගේ අතින් විවෘත වුණ සාමාධි පිළිමය - දිලිත්, රෝහිත ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
04:17
Video thumbnail
සිනහ මුසු මුහුණින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට දුන්නු උත්තරේ...
00:38
Video thumbnail
හෝමාගමට එද්දී හැමෝම ෆෝන් එක උස්සද්දී නාමල් රාජපක්ෂ පුදුමයට පත්වෙයි..
01:39